Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ දී වැඩ භාර ගැනීමට හැකිවන පරිදි අධිකරණයේ මැදිහත්වීම ලබාගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර තීරණය කර තිබේ.
දයාසිරි ජයසේකර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ,පසුගිය සිකුරාදා පක්ෂ මූලස්ථානයට වැඩ භාර ගැනීමට පැමිණි තමාට
බාධාකළ සියලු දෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ඊයේ මරදාන පොලිසියට පැමිණිල්ලක් ද කළේය.
තමාට වැඩ භාර ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගෙන් අවසර ලබාගැනීමට පොලිසියට අවශ්‍ය වූ නමුත්, තමන් පක්ෂයේ මහලේකම්වරයා ලෙස අධිකරණය විසින් පිළිගෙන ඇති බැවින් එසේ කිරීමට අවශ්‍ය නොවන බව තමා විශ්වාස කරන බවත් ඔහු පවසයි.
අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමෙන් පසු නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවල නිරත වන බව දයාසිරි ජයසේකර සඳහන් කරයි.
නිමල් සිරිපාලට සහාය දක්වන කණ්ඩායම සහ තමාට බාධාකළ ඔහුගේ ගෝලයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.
දයාසිරි ජයසේකර පවසන්නේ, තමන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මානව හිමිකම් පැමිණිල්ලක් ද ගොනුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart