Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ජයගමු ශ්‍රී ලංකා දිප ව්‍යාප්ත ජනතා ජංගම සේවා වැඩසටහනේ සමාරම්භක වැඩසටහන හෙට (31) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ඇමැති මනූෂ නානායක්කාරගේ සහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වීමට නියමිතය.
මෙම වැඩසහටන හෙට (31) සහ අනිද්දා (01) යන දෙදින පුරා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙහිදී විදේශ රැකියා සඳහා වෘත්තීය පුහුණු අවස්ථා සම්බන්ධයෙන් ජනතාව දැණුවත් කිරීමේ වැඩසටන්, ශ්‍රම බලකායේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරන ගරු සරු වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය.
මේ අතර ජනතාවට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ ගැටලු සඳහා විසඳුම් ලබාගැනීම සඳහා විශේෂ සේවාවන්ද මෙහිදී සැපයීමට නියමිතය.
මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්වය ප්‍රධානය කිරීමටද නියමිතය.
මෙරටට යළි පැමිණි විගමනික ශ්‍රමකියන් ව්‍යවසායකයන් බවට පත්කිරීමේ විශේෂ මගපෙන්වීමේ වැඩසහනක්ද, විගමනික ශ්‍රමකියන්ගේ පවුල්වලට මහ මැෂින් සහ රෝද පුටු ප්‍රධානය කිරීමක්ද ඊට ඇතුළත්ය.
තරුණ පරපුර නව වැඩ ලෝකයට සූදානම් කිරීමේ ස්මාට් යූත් වැඩසටහනද මෙහිදී ආරම්භවීමට නියමිතය.
මේ අතර ශ්‍රම වාසනා අරමුදල යටතේ අඩු ආදායම්ලාභී පුවල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීමක්ද මෙහිදී සිදුකිරීමට නියමිතය.
එසේම, යල් පැනගිය කම්කරු නීති වෙනුවට නූතන වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීම සදහා වන නව රැකී රක්ෂා පනත පිළිබද රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, නීති විරෝධී මිනිස් ජාවාවම් වැලැක්වීම සදහා ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ ජනතාව සමග කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සදහා වන වැඩසටහන්ද එහිදී ක්‍රියාත්මක කිරීමටද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart