Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ලෝකයට ශක්තිමත්ව මුහුණදීම සඳහා, සවිබල ගැන්වූ අනාගත පරපුරක් හැදීම අපේක්ෂා කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා’ ජනතා ජංගම සේවයේ නුවරඑළිය දිස්ත්‍රික් දිගැහැරුම මැයි 17-18 දෙදින නුවරඑළිය ”සිනෙසිටා” ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක දීප ව්‍යාප්ත ජංගම සේවා වැඩසටහනේ 14 වැනි වැඩසටහනේ මෙලෙස මැයි 17 වනදා ආරම්භ වෙයි. එම සමාරම්භක අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු දේශපාලන අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම්වරයා සමග රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතය.
අවිධිමත් වෘතීන්ගේ නියැලෙන්නන්ගේ වෘත්තීය ගරුත්වය සහ වෘත්තීය භාවය තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් පැවැත්වෙන ගරුසරු වැඩසටහන, රැකියා විරහිත තරුණ තරුණියන් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදෙන ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන ද ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව පැවැත්වේ.
විදේශ රැකියා නියුක්ති කාර්යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රම වාසනා අරමුදලේ ප්‍රතිපාදන මගින් අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ට පාසල් බෑග් සහ පාසැල් උපකරණ ලබාදීම වැනි වැඩසටහනක්ද මෙහිදී පැවැත්වේ.
ඊට අමතරව විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් ඉගෙනුම ලබනා පාසැල් සඳහා ස්මාට් බෝඩ් ලබා දීම, විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, සතොස වවුචර්, ඇස් කණ්නාඩි ලබා දීමද මෙහිදී සිදුවෙයි . එමෙන්ම විදෙස් ගතවීමේදී වැඩිම වාරයක් විදේශ සේවා කාර්යංශයේ ලියාපදිංචි වී විදේශගත වූ ශ්‍රමිකයන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීම, විදෙස් ගතව පැමිණ ස්වැයං රැකියවන්හී නියැලෙන පවුල් සඳහා ලබාදෙන රුපියල් ලක්ෂයක ප්‍රතිපාදනයෙන් රුපියල් 50,000ක පළමු වාරික මුදල් ලබා දීම මෙහිදී සිදුකෙරේ.
රැකියා වෙළඳපොළ උපදෙස් ලබා දීම සහ ව්‍යවසායකයන් දිරිමත් කෙරෙන මග පෙන්වීම් මෙන්ම කම්කරු නීතිය, මිනිස් වෙළඳාම යනාදී කරුණු සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන ඔස්සේ ජනතාව දැනුවත් කිරීමද මෙම වැඩසටහනේදී සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart