April 19, 2024

‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ මීළඟ අදියර හෙට සහ අනිද්දා දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට මෙහිදී අවස්ථාවක් උදාවී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මන්නාරමේ පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේ දී ජපානයේ රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාව හා ජපානය අතර සිදුකරන ඒකාබද්ධ පරීක්ෂණයක් මගින් කුසලතා සහ ජපන් භාෂා ප්‍රවීණතාව තහවුරු කිරීමට නියමිතය .

එම පරීක්‍ෂණය සමත් වන්නන් සඳහා වසර පහක කාලයක් ජපානයේ රැකියාවල නිරත වීමේ අවස්ථාව උදාවනු ඇත.

SSW වැඩසටහන යටතේ ජපානය විසින් රැකියා ක්ෂේත්‍ර 14ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් ක්ෂේත්‍ර 6ක් සඳහා දැනට ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දී ඇත.

හෙද සාත්තු සේවාව ( Nursing Caregiving ), ආහාර සේවා කර්මාන්තය (Food Service industry ), කෘෂිකර්මාන්තය (Agriculture ), ඉදිකිරීම් අංශය (Construction), ගොඩනැගිලි පිරිසිදු කිරීම (Building Cleaning), ගුවන් ක්ෂේත්‍රය (Aviation Firld) එම ක්ෂේත්‍ර වේ.

මේ අතරින් හෙද සාත්තු සේවාව, ආහාර සේවා කර්මාන්තය, කෘෂිකර්මාන්තය හා ගුවන් ක්ෂේත්‍ර සඳහා කුසලතා පරීක්ෂණ දැනට ශ්‍රී ලංකාවෙ පවත්වන අතර රාජ්‍ය අංශය මගින් සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම අංශ සඳහා ජපානය වෙත පිටත්කර යැවීම සිදු කකෙරේ.

වයස අවුරුදු 18ත් 45ත් අතර ශ්‍රී ලාංකික පුරවැසියකු වීම, ජපන් භාෂා ප්‍රවීණතාව ලබා තිබීම, තෝරාගත් රැකියා ක්ෂේත්‍රයට අදාළව පවත්වනු ලබන කුසලතා පරීක්ෂණය සමත් වී තිබීම, හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් යුක්තවීම, ශරීරයේ පච්ච කෙටීම්(Tattoo) නොමැතිවීම මූලික සුදුසුකම් වේ.

ජපානයේ රැකියා අවස්ථා පිළිබඳ අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩටසහනේදී තොරතුරු ලබාගත හැකිය.

 

42.31%
17.27%
32.76%