January 13, 2024

හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදුකරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික යාත්‍රා සූදානම් කර තබා තිබේ.

මේ නැව් මෙහෙයුම් සඳහා පිටත්වන දිනය මෙතෙක් හෙළිකර නැත.

එසේම මේ එක් නැවක නාවිකයෝ සියයකට ආසන්න පිරිසක් සේවයේ යෙදී සිටිති.

එසේම හෙලිකොප්ටර් බැස්සීමේ පහසුකම ද මේ නැව් සතුව ඇත.

මෙරට නාවික හමුදාවේ යුද නැවක් රතු මුහුදට යවන බව පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැති “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලට එක්වෙමිනි.

රතු මුහුදේ තර්ජන හේතුවෙන් අමෙරිකාව හා බ්‍රිතාන්‍ය එක්ව යේමනයේ ත්‍රස්ත ඉලක්ක වෙත බ්‍රහස්පතින්දා රාත්‍රියේ ප්‍රහාර එල්ල කර තිබිණි.

‘හූති’ යනු යේමනයේ ෂියා මුස්ලිම් සුළුතරයක් වන සයිඩිස් හි උප නිකායට අයත් සන්නද්ධ කණ්ඩායමකි.

හූති කැරලිකරුවෝ 2014 වසරේ සිට යේමනයේ රජයට එරෙහිව සිවිල් යුද්ධයක නිරතව සිටිති.

මේ කණ්ඩායමට ඉරානයේ සහාය ලැබේ.(දිවයින)

42.31%
17.27%
32.76%