November 15, 2024

දැනට 2024 මහමැතිවරණයේ සියලු ප්‍රතිඵල නිකුත් වී අවසන්. ඒ එක්කම මේ පාර මැතිවරණයෙන් ජාතික ජන බලවේගය විසින් පිහිටවූ, පිහිට වීමට නියමිත වාර්තා.

1. මහමැතිවරණයක පක්ෂයක් ලබාගත් වැඩිම ප්‍රතිශතය: 61.56% (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් 60.33%)

2. මහමැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාශ ගණන: 152 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය කොට්ඨාශ 136ක්)

3. මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම දිස්ත්‍රික්ක ගණන: 21 (මීට පෙර 2010දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක්)

4. මහමැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

5. දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

6. මහමැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

7. මහමැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

8. සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව

9. මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිටවූ පළමු අවස්ථාව

අර කියන්නත් වගේ ලොවෙත් නැතිවෙන්නම දිනපු දිනිල්ලක් මේක!

(රජිත් කීර්ති තෙන්නකෝන්)

42.31%
17.27%
32.76%