September 20, 2024

හදිසියේ වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (සැප්තැම්බර් 24) අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කරන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පවසයි.

ඒ අනුව සඳුදා (23) සිට සියලුම සිසුන්ට තම නේවාසිකාගාර වෙත ආපසු පැමිණිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හදිසියේ වසා දැමුණේ පසුගිය 12 වැනිදායි.

සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඊට හේතු වූ බවට ප්‍රකාශ වී තිබිණි.