
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපන් ජාතිකයන්ගේ වස්තුවක් ලෙස සැළකෙන ජපන් කොයි මත්සයා මෙරට ජනතාවගේ ස්වං-රැකියාවක් බවට පත්ව ඇතැයි ජපන් කොයි අභිජනන මධ්‍යස්ථානය කියයි.
දඹුල්ල ප්‍රදේශයේ තරුණයකු වන අමිල ඉන්දික බණ්ඩාර මීට මාස කිහිපයකට පෙර ජපන් කොයි මසුන් අභිජනන මධ්‍යස්ථානයක් දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේදී ආරම්භ කළේය.
එය මේ වන විට රටට ඉතා සාර්ථක විදේශ විනිමය ගෙනදෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.
මේ වන විට ජපන් කොයි මත්ස්‍ය විශේෂ තිස්හයක් දඹුල්ල පන්නම්පිටියේ තම ගොවිපලේ සිටින බව ඔහු සඳහන් කරයි.
ඔහු සතුව ගොවිපලේ සිටින වැඩිම මිලක් ඇති මත්ස්‍යයාගේ වටිනාකම වන්නේ රුපියල් ලක්ෂ අසූවකි.
අඩුම වටිනාකම ඇති එක් මත්සයකුගේ මිල රුපියල් 10,000ක් බව අමිල ඉන්දික බණ්ඩාර සඳහන් කරයි.
ජපානයේ පසුගිය දිනක පැවතිම ජපන් කොයි මසුන් ප්‍රදර්ශනයකදී තමන්ගේ මත්සයකු ලෝකයේ හොඳම මත්ස්‍යයා අතරට පත් වූ බවත්, එම මත්ස්‍යයා ලෝක මට්ටමින් ලංසු තබා අලෙවි වූ බවත්, තායිලන්තයේ අයකු එම මත්ස්‍යයා ජපන් යෙන් මිලියන හැත්තෑවකට මිලදී ගත් බව ඔහු ප්‍රකාශ කරයි.
දඹුල්ල අභිජනන ආයතනයේ රුපියල් 10 000 කට මිලදී ගන්න කොයි මාළු පැටවකු වසරක් පමණ කාලයක් තුල රුපියල් ලක්ෂ එකහමාරක පමණ මුදලකට අලවි කරමින් ස්වං රැකියා කරන විශාල පිරිසක් රට පුරා සිටින බව ද, ඔවුන් අභිජනන මධ්‍යස්ථානයට පැමිණ මත්ස්‍ය පැටව් රැගෙන යෑම සිදුකරන බවද ඔහු කියයි.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart