October 28, 2023

ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) ප්‍රහාරක නෞකාවක් වන ‘අකෙබෝනෝ'(Akebono) නිල සංචාරයක් සඳහා අද ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.

නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

මීටර් 150.5 ක් දිග මෙම ප්‍රහාරක නෞකාව කාර්ය මණ්ඩල සාමාජිකයින් 172 දෙනකුගෙන් සමන්විත වේ.

නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාන්ඩර් හිසටෝ සොටෝකාවා කටයුතු කරනු ලබන අතර, ඔහු නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා හමුවීමට ද අපේක්ෂා කෙරේ.

නෞකාවේ රැඳී සිටින කාලය තුළ, නාවික හමුදා පාර්ශ්ව දෙක අතර සහයෝගීතාව සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට කාර්ය මණ්ඩලය සහභාගී වනු ඇත.

ඊට අමතරව, ඔවුහු විනෝද චාරිකා යෑමට අපේක්ෂා කරති.

නෞකාව ඔක්තෝම්බර් 31වැනි දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

42.31%
17.27%
32.76%