Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි මිල සංශෝධනය මගින්, විදුලි ගාස්තු අඩු කිරීමක් සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.
ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව මේ වන විට සකස් කරමින් පවතින අතර, එය ජනවාරි 15 වැනිදා වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ඇතැයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසයි.
දීවයිනට ඇදහැළෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන්, ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවට පැමිණ ඇති බැවින්, ජනවාරි මාසයේ සිදුකිරීමට නියමිත ගාස්තු සංශෝධනයේදී, විදුලි බිල අඩුවීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකරද ප්‍රකාශ කර ඇත.
රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ පාඩු ලබන රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් අවම කර, ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම පිළිබඳව දැඩි කතාබහක් පසුගියදා ඇතිවිය.
ඒ අතරින්, ප්‍රධාන ආයතනයක් වන ලං.වි.ම ඔවුන්ගේ ආදායම ඉහළනංවා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී විදුලි ගාස්තු ඉහළ දැමීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණි.
ලංවිම සැළකිව යුතු මිලකට විදුලි ගාස්තු වැඩිකිරීම හා මහජන උපයෝගිතා කොමිසම එය අනුමත කිරීම මහජන විවේචනයටද ලක්විය.
පසුගියදා ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැති කංචන විජේසේකර කියාසිටියේ, 2023 ඔක්තෝබර් මාසයේදී විදුලි බිල වැඩිකිරීම කාලගුණික තත්ත්වයන් හා පොසිල ඉන්ධන භාවිතයෙන් බලශක්ති උත්පාදනය සඳහා වන අධික පිරිවැය සැළකිල්ලට ගෙන සිදුකළ බවයි.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart