Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අහෝසි කළ යුතු මර්දන පනතක් වන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත පාවිච්චි කරමින් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන එම පුද්ගලයන්ට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරා ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක කමිටුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
එම නිවේදනයේ දැක්වෙන්නේ සමාජ මාධ්‍යවල සහ පුවත්පත්වල පළකරන ලද වාර්තා සහ අදහස් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි.
මෙය වත්මන් ආණ්ඩුව ඉතා කෙටි කාලසීමාවක් ඇතුළත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීම සිදු කළ දෙවැනි අවස්ථාව බව ද එම කමිටුව පෙන්වා දෙයි.
මීට පෙර ආරුගම්බේ සිදුවීමට අදාළව පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන එම පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කොට රඳවා තබාගැනීමට කටයුතු කර තිබූ බවත් එම පුද්ගලයන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම පිළිබඳ පොලිස් මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයකින් සහ මාධ්‍ය සාකච්ඡාවකින් කරුණු ඉදිරිපත් කළ බවත් විධායක කමිටුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
එම නිවේදනය මෙසේයි.
“2024 නොවැම්බර් 30 වැනිදා අංක 1783/2024 ලෙස නිකුත් කරන ලද පොලිසියේ මාධ්‍ය නිවේදනයෙහි ‘එල්ටීටීඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම‘ යන මාතෘකාව යටතේ නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙහි උක්ත අත්අඩංගුවට ගැනීම පිළිබඳ සඳහන් කර තිබේ.
දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්රභාකරන්ගේ රුව සහිත ඡායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්ටීටීඊ සංවිධානයේ මහවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝ පට මෙම වර්ෂයේ සිදු කරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත් බව එහි සඳහන් කර තිබේ.
මේ පිළිබඳ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචරය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වැනි වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනය කරන බව උක්ත මාධ්‍ය නිවේදනයෙහි සඳහන්ය.
ඒ අනුව මේ වන විට අදාළ පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරන බව ප්‍රකාශ කර ඇතත්, අත්අඩංගුවට ගැනීම ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ සිදු කරන බව ප්‍රකාශයට පත් කරන ලදී.
මීට අමතරව දෙසැම්බර් 02 දිනැති දිනමිණ පුවත්පතේ සඳහන් වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව ජාතික පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් පිළිබඳ විමර්ශනයක් සිදු කරන බවය.
වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම විමර්ශනය සිදු කරන බවද වාර්තා කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික විධිවිධාන පනතක් ලෙස මාස හයක කාලසීමාවක් ඇතුළත අහෝසි කරන බව සදහන් කරමින්
සම්මත කරගන්නා ලද පනතක් වන අතර, එම පනත අවභාවිත කරමින් විශාල ජන සංහාරවලට මුලපිරූ බව සිහිපත් කළ යුතුය.
මෙය දෙමළ ජනතාවට එරෙහිව, වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයෙහි දේශපාලන ක්‍රියාකාරකම්වලට එරෙහිව මෙන්ම මුස්ලිම් ජනතාවට එරෙහිවද පාවිච්චි කරන ලදී.
අවසානයේ අරගලයට එරෙහිව එම පනත පාවිච්චි කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුණ මෙම පනත ඉදිරිපත් වූ මොහොතේ සිටම දැඩි ලෙස ඊට විරොධය පළ කළ බවත් වත්මන් අණ්ඩු බලය ලැබෙන තුරුම එම විරෝධය අඛණ්ඩව පවත්වාගෙන ආ බවත් මෙහිදි සිහිපත් කළ යුතුය.
ජාතික ජන බලවේගයද එම ස්ථාවරයේ සිටම කටයුතු කළ අතර මෙම පනත අහෝසි කරමින් ප්‍රති ත්‍රස්ත පනත ගෙන එමට උත්සහ කළ අවස්ථාවල පවා විවිධ ක්‍රියාමාර්ග හරහා පැවති පාලනයන්ට එරෙහි විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධව ඇති ඉල්ලීම ඇතමුන් ප්‍රකාශ කරන පරිදි එම පනත ආණ්ඩු විසින් සද්භාවයෙන් භාවිත කළේ ද නැද්ද යන සරල තර්කයකට ඌනනය නොවන අතර ඓතිහාසිකව එම පනත තමිල් මුස්ලිම් සහ ප්රගතිශීලි ජනතාව සහ සංවිධානවලට විරුද්ධව එය භාවිත කර ඇති සංදර්භයක් තුළ එන ඉල්ලීමකි.
තවද පනතේ වරදවල් නිර්වචනය කර නැති අතර සියලු වරදවල් දණ්ඩනීති සංග්‍රහය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩල පනත වැනි හරයාත්මක නීතිවල දැනටම අන්තර්ගත වන බැවින් මෙම පනත තාක්ෂණිකව යොදාගෙන ඇත්තේ අධිකරණ සුපරීක්ෂණය නොමැතිව විධායකයට අභිමත පරිදි පුද්ගල නිදහස සීමාකිරීම සදහා වේ.
ඉහත සිදුවිමට පාදක වූ පුද්ගලයන්ගේ ඉතිහාසමය ජාතිවාදි මැදිහත්වීම්ද, මෙම සිදුවීම් අශ්‍රිත ක්‍රියකාරකම්ද අප දේශපාලන වශයෙන් පැහැදිලි ලෙසම ප්‍රතික්ෂේප කරන බව මෙහිදී තවදුරටත් අවධාරණය කරමු.
සංවිධානාත්මකව ජාතිවාදය ඇවිළවීමේ උත්සාහයන් පරාජය කළ යුතුය.
එහෙත් පියවරෙන් පියවර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාවට නැගීම හරහා එය ජන සමාජයට සමාන්‍යකරණය කිරිම කිසිසේත්ම පිළිගත නොහැකි කරුණකි.
ඒ වෙනුවට වත්මන් පාලනය කළ යුත්තේ ලෙයින් යකඩින් මර්දනය වූ සිය ඉතිහාසය අත්දැකිම් සිහිපත් කරගනිමින් මෙම පනත හැකි විගස පාර්ලිමෙන්තු බලය යොදාගනිමින් අහොසි කිරීමයි.
එමෙන්ම ඒ වෙනුවට තවත් ප්‍රති ත්‍රස්ත පනතක් නොගෙනීමටද ප්‍රතිපත්තිගරුක විය යුතු බවටද ප්‍රකාශ කරමු.
ජාතිවාදය දළු ලා ඒ නම් එයා පැරදවීමත් එයට පදනම් වී රාජ්‍ය මර්දනය දළු ලා ඒ නම් එයද පැරදවීමේත් ද්විත්ව වගකීම ජනතාවට ඇති බව සමාජයට අවධාරණය කරමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart