Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව දීර්ඝ කාලීන සිරදඬුවම් විඳිමින් සිටින රැඳවියන් පිළිබඳ ගැටලුව මේ වන විට සමනය වෙමින් පවතින අතර අදාළ ක්‍රියාවලිය සඳහා යම් කාලයක් ගතවනු ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
කොළඹ මැගසින් (වැලිකඩ) බන්ධනාගාරයේ පසුගියදා සිදුකළ සංචාරයකින් අනතුරුව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ ප්‍රකාශ කළේ, සුළු වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමට අපොහොසත් වීමෙන් වසර ගණනාවක් සිරගතව සිටින කාන්තා රැඳවියන් කිහිපදෙනකු තමන්ට හමුවූ බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා ‘ද මොර්නින්ග්’ පුවත්පතට පවසා අත්තේ, මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදුවූ සිරකරුවන් සහ සිරකාරියන්ද සිටින බවයි.
මෙය පොදු ප්‍රශ්නයක් බවත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සහාය ඇතිව එය විසඳමින් සිටින බවත් ඇය සඳහන් කළාය.
ගැටලුවට විසඳුම් ලබාදීමේදී සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතා රැසක් හේතුවෙන් අදාළ ක්‍රියාදාමයන් ක්ෂණිකව අවසන් කළ නොහැකි බවද ඇය පෙන්වාදුන්නාය.
“අදාළ නීති සංශෝධන ඇමැතිමණ්ඩලය වෙත ගොස්, අනුමත කරගැනීමෙන් සහ නීතිපති අනුමැතිය ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත්විය යුතුයි. ඉන්පසුව නීතිමය ප්‍රතිපාදන සංශෝධනය කළ හැකියි. මට කියන්න පුළුවන් රාජ්‍ය ඇමැතිවරිය කී දේ සත්‍ය බව සහ අමාත්‍යංශය ප්‍රශ්නය විසඳීමට කටයුතු කරමින් සිටින බවයි.” යනුවෙන් ඇය ප්‍රකාශ කර ඇත.
පසුගිය සතියේ මැගසින් බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් කිහිපදෙනකු බැලීමට ගිය කුමාරසිංහ රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කළේ, ඇතැම් කාන්තා රැඳවියන් වසර 16කට වැඩි කාලයක් බන්ධනාගාරයේ දුක් විඳිමින් සිටින්නේ ඇපකරුවන් සොයාගැනීමට සහ ඔවුන් නිදහස් කර ගැනීමට දඩ මුදල් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් බවයි.
එවැනි රැඳවියන්ට ඇතැම් කොන්දේසි සපුරාලීමට හැකියාවක් නොමැති බව පවසමින් ඇය කියා සිටියේ නුදුරු අනාගතයේදී තමන් මැදිහත්වී ඔවුන්ට නීතිමය සහාය ලබාදෙන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart