July 3, 2024

අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඇතැම් පුද්ගලයන්ට සහන සැලසීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයට අනුව, 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත 2024 මැයි මාසයේදී පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතර, එමඟින් විත්තිකරුවකු වරදකට වරදකරු වීමට පෙර රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකරන කාලය දඬුවමක් ලෙස විනිසුරුවරුන්ට සළකා බැලිය හැකිය.

කෙසේවෙතත්, සංශෝධිත පනත සම්මත කිරීමට පෙර වැරදිකරුවන් ලෙස ප්‍රකාශ කළ අයට සංශෝධිත පනත යටතේ සහන හිමි නොවන බැවින් තීන්දුව හෝ අභියාචනා තීන්දුව දෙනතුරු රිමාන්ඩ් බන්ධනාගාරයේ ගතකරන කාලය සළකා බැලීමේ යාන්ත්‍රණයක් තිබිය යුතු බව හඳුනාගෙන ඇත.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ විධිවිධාන සහිත පනතක් හඳුන්වාදීම වෙනුවන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට හැකිවන පරිදි නීති කෙටුම්පත් සම්පාදකට නියෝග නිකුත් කිරීමට අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

42.31%
17.27%
32.76%