September 10, 2024

අද දහවල් කොළඹදී පැවති විරෝධතා පාගමනක් අතරතුර කොටුව දුම්රියපොල අසලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සහ තවත් විරෝධතාකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

උසස් අධ්‍යාපනයට බලපාන රජයේ ප්‍රතිපත්තිවලට සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව මෙම විරෝධතා පාගමන පැවැත්විණි.