
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පසුගිය සතියේ නීතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවෙන් පසු ප්‍රධාන පෙළේ ඝාතනයට අදාළ නඩු දෙකක ලිපිගොනු පොලිස් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සමාලෝචනය කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
එලෙස මුදාහැරීමට නියෝග කර තිබූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ලසන්ත වික්රමතුංගගේ රියදුරු පැහැරගෙන යෑම සහ ඔහුගේ ක්ෂේත්‍ර සටහන් පොත අතුරුදන් කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.
“අපි මේ වන විට ලිපිගොනු සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තීන්දුව අධ්‍යයනය කරමින් සිටිනවා” යනුවෙන් පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, තීන්දුව ඊළඟ නියමිත දිනට අධිකරණයට ඉදිරිපත් කරන බව ද පෙන්වාදෙයි.
නීතිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක්කළ හැකිදැයි කළ විමසීමේදී ඔහු මෙවැනි පිළිතුරක් ලබාදී ඇත.
“තීරණය අභියෝගයට ලක්කිරීමේ හැකියාව පිළිබඳව අපි සාකච්ඡා කර තිබෙනවා. නමුත් නිල වාර්තා සඳහා අපට බලා සිටිය යුතුයි. අපගේ වර්තමාන අවබෝධය අනුව, අපට එයට අභියෝග කිරීමට නොහැකි වනු ඇති බව පෙනෙන්නට තිබෙනවා.”
පරීක්ෂණ සිදුවෙමින් පවතින බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නිසි සැකකරුවකු මෙතෙක් මෙම පරීක්ෂණවලින් හෙළිවී වී නොමැති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර ‘ද සන්ඩේ මෝර්නින්’ පුවත්පතට අදහස් දක්වමින් නීතිපති පාරින්ද රණසිංහ මෙලෙස සඳහන් කර ඇත.
“වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වී නැත. නිදහස් කරන ලෙස ඉල්ලා සිටි මෙම පුද්ගලයන්ට, මාස අටකට පමණ පසු ඔහුගේ රියදුරු පැහැර ගැනීමට සම්බන්ධ බවට චෝදනා එල්ල විය. එය වික්‍රමතුංග ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොතිබිණි. ඔහු වික්රමතුංගගේ රියදුරු වූ අතර එහි ඇති එකම සම්බන්ධය එයයි. එය හුදකලා සිදුවීමක් වූ අතර ඒ නිසා අපි මේ කාරණය සම්බන්ධයෙන් තීරණය කළෙමු.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart