Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙසැම්බර් 9 වැනි දින සිදු වූ දීපව්‍යාප්ත විදුලිය විසන්ධිවීමට හේතුව කුමක්දැයි සොයාබැලීමට ලංකා විදුලිබල මණ්ඩලය තවමත් පරීක්ෂණ ආරම්භ කර නොමැති බව වාර්තා වේ.
එම විසන්ධි වීමට හේතුව ලෙස ලංවිම දක්වන්නේ අකුණු සැර වැදීමකි.
අකුණු සැර වැදීමෙන් කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණ මාර්ගය ක්‍රියා විරහිතවීම හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා විය.
රටේ මුළු ඉල්ලුම මෙගාවොට් 1500ක් පමණ වූ එම අවස්ථාවේ අදාළ සම්ප්‍රේෂණ මාර්ගය මෙගාවොට් 500ක් පමණ රැගෙන යමින් තිබී ඇත.
සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීම හේතුවෙන් සැපැයුමින් තුනෙන් එකක් අහිමිව ගොස් තිබේ.
ඒ අනුව අනෙකුත් ජනන යන්ත්‍රවලට සීමාව ඉක්මවා දරාගත නොහැකිවීමේ ප්‍රතිඵලයක් ලෙස, එම ජනන යන්ත්‍ර ද ක්‍රියා විරහිත වූ අතර ඒ අනුව දිවයින පුරා විදුලිය විසන්ධි විය.
රටපුරා විදුලිය විසන්ධිවීමත් සමඟම විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියාසිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබලන බවයි.
2020 දෙසැම්බර් මාසයේදී ද ශ්‍රී ලංකාව රටපුරා විදුලිය විසන්ධිවීමකට මුහුණ දුන් අතර,එවක එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැකකරන ලදී.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එවක ඉහළ මට්ටමේ කමිටුවක් පත්කරන ලද අතර, රටපුරා තවත් විදුලිය විසන්ධිවීම වැළැක්වීම සඳහා එහි නිර්දේශ ක්‍රියාත්මක නොකළේ මන්දැයි දැන් බොහෝදෙනා තුළ ප්‍රශ්නයක් මතු වී තිබේ.
විදුලිබල මණ්ඩලයේ නොසැළකිල්ල නිසා විදුලිය විසන්ධි වූවාද යන්න තවමත් අභිරහසකි.
මේ පසුබිම යටතේ, ජනතාවට සහ රටට විශාල වශයෙන් ආර්ථික පාඩු සිදුකළ එම විදුලිය බිඳවැටීමේ සිද්ධිය සිදුවී දින දහයකට වැඩි කාලයක් ගතවී ඇතත්, විදුලිබල මණ්ඩලය මෑතක සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබඳ විමර්ශනය සඳහා තවමත් වැඩකටයුතු ආරම්භ කර නොමැත.
ප්‍රමාදය ගැන නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ ඊට අදාළ කමිටුව පත්කිරීම සඳහා නම් යොමුකර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart