January 9, 2025

ජනාධිපති මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162 වටිනා භාණ්ඩ රැසක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඊයේ (8දා) දැන්වීය.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන සිදුකරන බවත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ.

මීට අදාළව එහි ප්‍රසම්පාදන නිලධාරීවරයාගෙන් මේ වන වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත් එම භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේදී ප්‍රකාශ ලබාගැනීමට පියවර ගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

එසේ අස්ථානගතවී ඇති භාණ්ඩ මොනවාද යන්න පිළිබඳව ද සොයාබැලීම සඳහා ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඊට අදාළ ලැයිස්තුවක් ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවසූහ.

මේ සම්බන්ධයෙන් වගකිවයුතු එම ඒකකයේ ප්‍රධානියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%