October 23, 2023

ඉතාලි අගමැති ජොර්ජියා මෙලෝනි වසර වසර දහයකට ආසන්න කාලයක් තමා සමග එකට ජීවත් වූ සහකරු වන අන්ද්‍රෙයා ජම්බූර්නෝගෙන් වෙන්වීමට තීරණය කර තිබේ.

2015 වර්ෂයේ සිට එක්ව වාසය කරන 46 හැවිරිදි මෙලෝනිට සහ 41 හැවිරිදි අන්ද්‍රෙයාට ජිනෙව්රා නමින් 06 හැවිරිදි දියණියක් ද සිටියි.

මෙම වෙන්වීමට හේතුව වී ඇත්තේ , රෑපවාහිනි ඉදිරිපත් කරන්නෙකු වන අන්ද්‍රෙයා ජම්බූර්නෝ පසුගිය දිනවල ලිංගිකත්වය හුවාදක්වමින් තමන් සේවය කරන සහෝදර නිවේදිකාවන් හට සිදුකළ ප්‍රකාශ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම නිවේදිකාවන්ව අපහසුතාවයට පත්වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ කළ ඔහු එහිදී අනවශ්‍ය ලිංගික කරුණු ඉස්මතු කර ඇති බව සදහන් වේ.

මේ හේතුවෙන් අන්ද්‍රෙයා ජම්බූර්නෝ දැඩි විවේචනයට ලක් වූ අතර එහි බලපෑම්වලට මුහුණදීමට අගමැති මෙලෝනිට ද සිදුවිය.

අවසානයේ ඇය සහකරුගෙන් වෙන්වීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධ තීරණය ප්‍රකාශයට පත්කරමින් ඇය පවසා ඇත්තේ තමන් සමග හොද කාලයක් ගතකිරීම වෙනුවෙන් අන්ද්‍රෙයා ජම්බූර්නෝට ස්තුතිවන්ත වන බවයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ තම තීරණය ප්‍රකාශයට පත් කර ඇති ඉතාලි අගමැතිනිය ඔවුන් දෙදෙනාගේ මාවත් දෙක වෙනස් බව ද සදහන් කර තිබේ.