Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන් ඉවත් කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බවත් ජාතික ජන බලවේගය රජයේ ‘පළමු දේශපාලන ගොදුර’ තමා බවත් මහාචාර්ය සුජීව අමරසේන චෝදනා කරයි.
දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරය සඳහා ඔහු වෙනුවට නිසි බලධාරියකු පත් කර සිටී.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය අමරසේන කියා සිටියේ තමාට එරෙහි ව්‍යාපාරය වත්මන් රජය සමඟ පෙළගැසී සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් විසින් මෙහෙයවූවක් බවයි.
මෙම පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රධාන තනතුරුවලට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.
තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය අමරසේන කියා සිටියේ “විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ මට චෝදනා කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වූ පෝස්ට් විරෝධතාකරුවන් විසින්ම ඉවත් කර ඇත්තේ එම චෝදනාවලට කිසිදු පදනමක් නොමැති නිසා” යනුවෙනි.
ඔහුට එරෙහිව වැඩවර්ජනයක් මෙහෙයවීම සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සහ අනධ්‍යයන සේවක සංගම්වල ක්‍රියාකලාපය ද ඔහු විවේචනය කළේය.
ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දේශන පැවැත්වෙන වේලාවන්හිදී පවා විරෝධතාවලට එක්වන ලෙස සිසුන්ට බලපෑම් කරන බවට ඔහු චෝදනා කළේය.
“එය කෙතරම් සදාචාර විරෝධීද ? මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවම මට විරුද්ධයි කියනවා. එය නිවැරදි නැහැ. එසේ නම් සිසුන් 16,000 දෙනාගේම රහස් ඡන්දයක් පවත්වන්න ඕනේ. ඔවුන් කවදාවත් ඒක කරන්නේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
මහාචාර්ය අමරසේන වැඩිදුරටත් කියා සිටියේ තමාට එරෙහිව පවත්වන ලද විනය පරීක්ෂණයේ සොයාගැනීම් මත තමා ඉවත් කිරීම සිදු නොකළ අතර ඒ වෙනුවට තමාගේ නායකත්වය යටතේ විශ්වවිද්‍යාල මෙහෙයුම්වලට බාධා එල්ල වීම පෙන්වමින් තීරණය සාධාරණීකරණය කළ බවයි.
ඔහු තර්ක කළේ බාධා කිරීම් සිදුවූයේ වර්ජනය නිසා මිස තම ක්‍රියාවන් නිසා නොවන බවයි.
“මම තවමත් උපකුලපතිවරයා, නමුත්, මට කිසිම නිල කටයුත්තක් කිරීමට බලයක් නැහැ. අවසන් පරීක්ෂණයෙන් මාව ඉවත් කළේ නැහැ.මෙය දේශපාලන පළිගැනීමේ සිද්ධියක් ලෙස නොසැළකීමට මට හේතුවක් නැහැ,” ඔහු ප්‍රකාශ කළේය.
උසස් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැති ආචාර්ය හරිනි අමරසූරිය විසින් නොවැම්බර් 25 දින සිට බලපැවැත්වෙන පරිදි, විශ්වවිද්‍යාලයේ නිසි බලධාරියා ලෙස මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ.රත්නායක පසුගිය සතියේ පත් කරන ලදී.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්රමුඛ වෘත්තීය සමිති, මහාචාර්ය අමරසේනගේ හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ඔහු ඉවත් කරන ලෙස බලකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart