December 21, 2023

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 15ක තොගයක් තත්ත්ව පරීක්ෂාව සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (DAPH) වෙත යවා ඇති බව වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. .

මෙම ආනයනික බිත්තර තොගය එම අමාත්‍යංශයේ සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා නිලධාරීන් විසින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඊයේ (20) යවා ඇත.

අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී.අත්තපත්තු සඳහන් කරන්නේ, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවන ලද තොග උත්සව සමයේදී වෙළඳපොළට නිකුත් කරන නමුත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනය ලබාගැනීමට දින කිහිපයක් ගතවනු ඇති බවයි.

කෙසේවෙතත්, තමාට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවෙන් ලැබුණු තොරතුරුවලට අනුව නත්තල් සතියේ ඉල්ලුමට සරිලන බිත්තර ප්‍රමාණයක් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

එබැවින් මෑතකදී ආනයනය කරන ලද බිත්තර තොගය බොහෝ විට මෙම සතියෙන් පසුව නිකුත් කරනු ඇත.

බිත්තර ආනයනය සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි බිත්තර මිලියන 15ක විශේෂ තොගය දෙසැම්බර් 17 වැනි දින ශ්‍රී ලංකාව වෙත ළඟා විය.

නත්තල් උත්සව සමයට පෙරාතුව, පසුගිය සතියේ සිට දේශීය වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් හිඟයක් වාර්තා විය.

පිටකොටුව, ගම්පහ, මහනුවර වැනි දිවයිනේ ප්‍රධාන වෙළෙඳ පොළවල බිත්තර සහ කුකුළු මස් තොග නොමැති බව ජනමාධ්‍ය වාර්තා කළේය.

බිත්තරයක් රුපියල් 40ත් 50ත් අතර මිලකට මේ මස මුලදී (දෙසැම්බර්) අලෙවිකර තිබුණද, වාර්තා වන්නේ, මේ වන විට බිත්තර රු. 55ත් 65ත් අතර මිලක් යටතේ දේශීය වෙළෙඳපොළේ අලෙවි වන බවයි.

දන්වා තිබියදීත් අධික මිල අඩු කිරීමට දේශීය බිත්තර නිෂ්පාදකයන් අපොහොසත් වී ඇති හෙයින්, විෂයභාර ඇමැති නලින් ප්‍රනාන්දු දෙසැම්බර් 16 වැනි දින, අසාධාරණ ලෙස වැඩිවූ මිල පාලනය කිරීම සඳහා ලබන වසරේ (2024) අප්‍රේල් දක්වා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට අවසර ලබාදුන්නේය.

නත්තල් සමය අවසානය දක්වා දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 55ට අඩුවෙන් අලෙවිකළ නොහැකි බව බිත්තර නිෂ්පාදකයන් ඇමැතිවරයාට දැනුම්දීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.(The Morning)