42.31%
17.27%
32.76%
September 22, 2023

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වූ පසු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙර ප්‍රථමයෙන් සිදුකළ පළමු රාජකාරිය වූයේ, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව සිටි අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට වහාම ස්ථාන මාරුවක් ලබාදීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

එමෙන්ම පාස්කු විමර්ශනය සිදු කළ විමර්ශන නිලධාරීන් 31දෙනකුද ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුම සහ උපදෙස් මත මාරු කර ඇති බවත්, CID නිලධාරීන් 700කට රටින් පිටවීම තහනම් කර ඇති බවත්, විපක්ෂ නායකවරයා හෙළිකළේය.

එම ක්‍රියාව බරපතල සැකයට තුඩු දෙන ක්‍රියාවක් වන හෙයින්, ඔහු එසේ සිදුකළේ ඇයිදැයි විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.

මෙම තොරතුරු වලට අදාළ ලේඛන සභාගත කිරීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

විපක්ෂ නායකවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

”මම පට්ටපල් බොරු කියනවා නම් ඒකත් විමර්ශනය කරන්න. මම බය නෑ. මහලොකුවට 69 ලක්ෂයක් රවට්ටලා අතේ ලේ තවරාගෙන පාස්කු ප්‍රහාරය ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදීන් හංගන්න හදන්නේ ඇයි කියලා මම අහන්න කැමතියි. මම මේ කියන්නේ විමර්ශනය කරන්න කියලා.

අප්‍රේල් 04 වැනිදා ගැලනිගම පිටවීමට ලොරියක් එනවා. පිටිපස්සෙන් V8 එකක් එනවා. ඉස්සරහින් කැබ් එකක් එනවා. එතන හිටපු නිලධාරීන් ඒක පැයක කාලයක් නතර කර ගන්නවා. බස්නාහිර පළාතේ DIG කෙනෙක් කියනවා මේ ලොරිය රිලීස් කරන්න කියලා. මේ බෝම්බ සකස්කිරීම පානදුර සිදුවුණා. ඉතිං මම කැමති නෑ එක එක්කෙනාට ඇඟිල්ල දික් කරන්න. විමර්ශනය කරන්න. අහවලාගේ උපදෙස් මත ඒ ලොරිය රිලීස් කළා කියලා ලොග් සටහන් ඔක්කොම ගැලනිගම තියෙනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න TNL එකට ඇවිල්ලා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරනවා. මම කියන්නේ විමර්ශනය කරන්න. ඇත්ත නැත්ත මොකක්ද කියලා කියන්න.

අප්‍රේල් 04, 05 සහ 20 දක්වා ඉන්දියන් කවුන්ට පාර්ට් ඒජන්සි දෙකකින් වට්ස්අප් පණිවිඩ එනවා. අවාසනාවකට මේ වනවිට ඒ වට්ස්අප් පණිවිඩ ඔක්කොම මකලා. තොරතුරු මුකුත්ම නැහැ. විනිවිදභාවයෙන් යුතු අපක්ෂපාති පරීක්ෂණයක් කරන්න ඕන. එම වට්ස්අප් පණිවිඩ මේ රටේ බුද්ධි අංශ වෙත ලබාදුන්නේ කුමන පදනමක් මතද. කවුද ඒ එව්වේ කියලා හොයන්න ඕන. මේවා මේ ප්‍රසිද්ධියේ හැමෝටම කියන්න කියනවා නෙවෙයි. මේවා හොයලා බලලා අපිට ඕන ඇත්ත. අපිට අවශ්‍ය නෑ එකඑක්කෙනාගේ පැතිවලට වගකීම පවරන්න. අපක්ෂපාතිව විමර්ශනය කළාට පස්සේ වගවෙන්නත් ඕන. වගකියන්නත් ඕන.”

42.31%
17.27%
32.76%