Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදුනොවන පරිදි 2024 වර්ෂයේදී අවම වශයෙන් 20%කින් විදුලි මිල අඩු කළ යුතු බව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවක් පවසයි.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 22 පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඒ අනුව, මේ මස අවසන් වනවිට විදුලි බිල අඩුකර ගැනීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කළ හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් එම
කමිටුවට දැනුම් දී තිබේ.
කර්මාන්ත අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ජනගහන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් කර්මාන්ත මණ්ඩලය සහ කර්මාන්තකරුවන් පිරිසක් ද කාරක සභාව හමුවට කැඳවා තිබිණි.
ඒ අනුව, විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් දිවයින පුරා වාර්තා වී ඇති විදුලි සම්බන්ධතා බිඳවැටීම් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව එම කමිටුව පෙන්වා දී තිබේ.
හිඟ විදුලි ගාස්තු ගෙවීමේ සහන පදනම මත ආරම්භක අදියරේදී හිඟ ගාස්තුවලින් 50%ක් පමණක් අයකර නැවත විදුලි සම්බන්ධතා ලබාදීමට කටයුතු කළයුතු බවද එහිදී අවධාරණය කර ඇත.
ස්ථාවර විදුලි සම්බන්ධතාවයක් ලබාගැනීම සඳහා අධික ගාස්තුවක් අය කිරීම හේතුවෙන් නව ව්‍යවසායකයන් කර්මාන්ත ආරම්භ කිරීමෙන් අධෛර්යමත් වීම වළක්වා ගැනීම සඳහා වාරික වශයෙන් සම්බන්ධතා ගාස්තුව ගෙවීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබාදීමට ද කමිටුව අදහස් ඉදිරිපත් කර තිබේ.
එසේම, බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා රාජ්‍ය අංශයේ විදුලි පරිභෝජනය පිළිබඳ විගණනයක් පවත්වන ලෙස කාරක සභා සභාපතිවරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට උපදෙස් දී ඇත.
කර්මාන්ත සඳහා බලශක්ති සැපයුම් ප්‍රභවයක් ලෙස සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා සූර්ය පැනල පද්ධති මිලදීගැනීම සඳහා සහන පොළියට ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරන ලෙස කමිටුව මුදල් අමාත්‍යාංශයට සහ මහ බැංකුවට නිර්දේශ කර තිබේ.
ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ක්‍රමවත් ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපැයීම සහතික කිරීම සඳහා විදේශයන්ගෙන් ආනයනය කළ යුතු අමුද්‍රව්‍ය හඳුනාගෙන එම අමුද්‍රව්‍ය සඳහා බදු සහන පැනවීමට ද කමිටුව නිර්දේශ කර ඇත.
එසේම, දැනට විදුලිබල මණ්ඩලය විසින් බාහිර ගැනුම්කරුවන්ට සහ වෙනත් ආයතනවලට අලෙවි කරන විවිධ ගෘහාශ්‍රිත කර්මාන්තවල අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන තඹ, ඊයම්, ඇලුමිනියම් සහ අනෙකුත් කාර්මික කුණු ද්‍රව්‍ය ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ද නිකුත් කරන ලෙස උපදෙස් දී තිබේ.
ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටි මෙන්ම, බලපත්‍ර ලබා ගැනීම සදහා සරල ක්‍රමයක් හඳුන්වා දීම පිළිබදව ද මෙහිදී අවධානය යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart