Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝප් කමිටුවේ සභාපති වන රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙහිදී මතුවන ‘ලැබැදියාව අතර ගැටුම’ හේතුවෙන් ඔහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ තොරතුරු විමසීම්වල ප්‍රධානියා ලෙසත් කටයුතු කිරීම සිදුකළ හැකිද යන්න ගැටලුවක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘බ්‍රේන් සෙන්ටර්’ නිර්මාණය කෙරෙන වැඩසටහන සඳහා ‘බිස්නස් මැන්ජේමන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ’ ආයතනය, උපදේශක ආයතනයක් ලෙස පත්කළ බවට සදහන්ව ඇති අතර, එම ආයතනයේ ප්‍රධාන නිලධාරියා වන්නේද රංජිත් බණ්ඩාර බවත්, මෙය බරපතල ගැටලුවක් බවත්, විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
ඕනෑම ප්රජාතන්ත්රවාදී රටක පාර්ලිමේන්තුවක ලැබැදියාව අතර ගැටුම් සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් ඇති අතර, මෙවැනි ගැටුමක් ඇති විට පාර්ලිමේන්තුවේ කමිටුවල තනතුරු හෙබවිය නොහැකි බවත්, එසේ තිබියදී ඔහු කෝප් කමිටුවේ සභාපති වූයේ කෙසේද කියා ගැටලු සහගත බවත්, විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart