
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඔවුන්ගේ ධූර කාලය තුළ භාවිත කිරීම සහ ඒවායේ හිමිකාරිත්වය පිළිබඳ සැලැස්මක් යටතේ ලබාදීමට රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයකට අනුව වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය සඳහා පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන එලෙස අවශ්‍යතාව අනුව ලබාදීමට තීරණය කර තිබේ.
චක්‍රලේඛයට අනුව, භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු වාරික පදනම මත ක්ෂයවීම් වටිනාකම අයකිරීමට නියමිතය.
ගෙවීම් එකතු කිරීමෙන් පසු භාණ්ඩවල අයිතිය අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවරනු ලැබේ.
අමාත්‍යාංශය යෝජනා කර ඇති පරිදි මේ සඳහා මන්ත්‍රීවරයකුගේ ධූර කාලය තුළ රුපියල් 800,000ක මුදලක් වෙන්කෙරේ.
මීට පෙර ඒ සඳහා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ සිටින කාලය තුළ රුපියල් ලක්ෂ 05 බැගින් වාරික දෙකක් යටතේ මිලියනයක් ලබාගත හැකිව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart