October 18, 2024

හමාස් සංවිධානයේ නායකයා වන යාහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායලය අද තහවුරු කර ඇත.

ඊශ්‍රායලයේ විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ඒ බව තහවුරු කළ බව විදෙස් ජනමාධ්‍ය පවසයි.

හමාස් සංවිධානයේ නායකයාව ඊශ්‍රායල සොල්දාදුවන් විසින් ඝාතනය කරන ලද බව ඔහු පවසා තිබේ.

ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන්නේ ද යාහ්යා සින්වාර් වේ.

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ගිය ගොඩනැගිලි සුන්බුන් අතර ඇති සින්වාර් ගේ බවට සැකකෙරෙන මළසිරුරක ඡායාරූප ද ඇතැම් විදෙස් ජනමාධ්‍ය පළකර ඇත.

ඒ අසල අවි රැගත් ඊශ්‍රායලය සොල්දාදුවන් සිටින අයුරු ද නිරූපණය වේ.

42.31%
17.27%
32.76%