November 13, 2023

එලඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් වීමේ අවස්ථාවක් පවතින බවට දේශපාලන අංශ අතර සාකච්ඡාවෙමින් තිබේ.

වර්තමානයේ මතුව ඇති ක්‍රිකට් අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්ව ඇති අතර එහිදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට අවශ්‍ය උපරිම සහය ඇමැති විජේදාස රාජපක්ෂ විසින් ලබාදෙන බවත්, ඇමැතිවරයාගේ පුත් රඛිත රාජපක්ෂ අධිකරණය මගින් තහනම් කරනු ලැබූ අතුරු කමිටුවට පත් කරනු ලැබ ඇත්තේ ඒ අනුව බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර ඇමැතිවරයා විසින් පසුගියදා රටපුරා වෙසෙන කලාකරුවන්ට සාමවිනිසුරු පදවි ලබා දී තිබූ අතර ඒ පිළිබද පුලුල් ප්‍රචාරයක් ද ලබා දී තිබිණ.

එමෙන්ම අල්ලස් ලබාගැනීමක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට අදාළව තොරතුරු ලබාදීම සිදුකර ඇත්තේ ඇමැති විජේදාස රාජපක්ෂගේ මැදිහත්වීම මත බවට ද මාධ්‍ය මගින් වාර්තා කර ඇත.

මේ සියල්ල තුළින් ඇමැති විජේදාස රාපපක්ෂ වටා දූෂණ විරෝධී ජනප්‍රිය රැල්ලක් නිර්මාණය කිරීම සිදුවෙමින් ඇති බවත් , යම් තීරණාත්මක මොහොතක දී ඔහු ඇතුළු කණ්ඩායමක් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමග එක්විය හැකි බවත් එහිදී විජේදාස රාපපක්ෂ භූමිකාව කැපී පෙනෙන එකක් වනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

42.31%
17.27%
32.76%