Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොහෝ ආන්දෝලනයකට තුඩු දී ඇති නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය, ගංවතුරින් පසු බැස යන ජල මට්ටමට ඇත්ත වශයෙන්ම බලපා තිබේද යන්න තක්සේරු කිරීම සඳහා අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම අධ්‍යයනයේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින වර්ෂාවත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, කඹුරුපිටිය, අතුරලිය, මාලිම්බඩ, මාතර සහ තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රදේශ රැසක් ජලයෙන් යටවිය.
පෙර වසරවලදී මෙන් නොව, දින 12කට වැඩි කාලයක් මෙවර ජල මට්ටම එලෙසම පැවතීම හේතුවෙන් තමන් අසරණව සිටින බව ජනතාව ප්‍රකාශ කරති.
නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් මෙලෙස ජල මට්ටම් බැස නොයන බව ඔවුහු වැඩිදුරටත් කියාසිටිති.
2003 දී යෝජනා කරන ලද ලවණ බාධක ව්‍යාපෘතිය 2012 දී ආරම්භ කර 2022 දී අවසන් කරන ලදී.
ලවණ ජලය ගඟට මිශ්‍ර වී පානීය ජල අර්බුදයක් ඇතිවීම වැළැක්වීම එම ව්‍යාපෘතියේ මූලික අරමුණ විය.
නිල්වලා ගඟේ ලවණ බාධකය සකස් කිරීම සහ සංවර්ධනය කිරීම ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් සාකච්ඡා කර ඇත.
මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉදිරි දිනකදී අදාළ සියලු පාර්ශ්ව කාරක සභාව හමුවට කැඳවීමට තීරණයකට එළඹ තිබේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (06) දින ද වසාතැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart