Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ විගණන අංශයේ නිලධාරීන්ගේ දූෂිත ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ නිසි විමර්ශන සිදු නොවන බවට චෝදනා එල්ල වෙමින් තිබේ.
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට පැවරී ඇති ප්‍රධානම වගකීම වන්නේ, 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥාපනත ක්‍රියාත්මක කිරීමයි.
එහෙත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ විහාර හා දේවාල වැනි සිද්ධස්ථානවල බස්නායක නිලමේවරුන් අතර පවතින අනිසි සහ පක්ෂග්රාහී සම්බන්ධතා පිළිබඳ මේ වනවිට හෙළිදරව් වෙමින් තිබේ.
ඊට ආසන්නතම සිද්ධියක් වන්නේ සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා විසින් දක්වන ලද අනුග්රහයන් භුක්ති විඳිමින් පවත්වන ලද විගණනයන් සම්බන්ධව ප්‍රධාන අභ්‍යන්තර විගණකවරයාට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
2023.03.15 සිට 2023.03.19 දක්වා බදුල්ල කතරගම දේවාලය සම්බන්ධයෙන් විගණනය කිරීමට වර්ෂය මුලදීම අභ්‍යන්තර විගණක විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික විගණන වැඩසටහන මගින් යෝජනා කර තිබිණි.
එහෙත්, එවැනි වාර්ෂික විගණන සැලැස්මක් සකස් කිරීමට අභ්‍යන්තර විගණකට බලයක් නොමැති බැව් අනාවරණ වන අතර ඔහු විසින් විගණනය කළ යුත්තේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් නියම කරනු ලබන විගණනයන් පමණි.
කෙසේවෙතත් චෝදනා එල්ල වන මෙම විගණනය සඳහා ප්‍රධාන අභ්‍යන්තර විගණක ජී. චන්ද්‍රසේන( ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවය – 1 ශ්‍රේණිය) ,සංවර්ධන නිලධාරී ජේ. පී. අරුණ ඉන්දික, සංවර්ධන නිලධාරී පී. එන්. පී. ඩී. කුමාර සහ සංවර්ධන නිලධාරී කේ.ජී.රංජිත් යන අය සහභාගි වී තිබේ.
මෙම නිලධාරීන් 2023.03.15 සිට 2023.03.19 දක්වා කාලය තුළ බදුල්ල කතරගම දේවාලයේ විගණනය සිදු කරන අතරවාරයේ දී එම දේවාලයේ මුදලින් සුඛෝපභෝගී හෝටල්වල නතර වෙමින් මත්පැන් ඇණවුම් කරමින් මස්මාංශාදිය අනුභව කරමින් අදාළ විගණනයෙහි යෙදීම නිසා එහි විනිවිදභාවය සහ අපක්ෂපාතීභාවය කෙරෙහි බරපතළ ප්‍රශ්න ඇති කර තිබෙන බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැමිණි ඉදිරිපත්ව තිබේ.
හෝටලයේ ආගන්තුක ලේඛනය අනුව අදාළ කාමර වෙන් කරවාගෙන තිබෙන්නේ, අභ්‍යන්තර විගණන අංශයේ සේවය කරන සංවර්ධන නිලධාරී කරුණාගලගේ රංජිත් යන අයගේ නමින් වන අතර, ඔහුගේ හැඳුනුම්පත් අංකය 723610170v ලෙස එහි ඇතුළත් කර, අත්සන් කර ඇත.
තමා වෙත නිල වශයන් පැවරෙන රාජකාරිය කෙරෙහි අගතිදායක වන පරිදි, මෙවැනි සංග්‍රහ ලබමින් විගණන පැවැත්වීම රාජ්‍ය නිලධාරියකුට කිසිසේත්ම උචිත නොවන තහනම් ක්‍රියාවකි.
ඒ අනුව මෙම නිලධාරීන් ස්වකීය නිල රාජකාරිය කෙරෙහි අගතිදායක වන ආකාරයේ සංග්‍රහ පිළිගැනීම මගින් අල්ලස හා දූෂණය සිදු කර ඇති බවටත්අ භ්යනන්තර විගණන ප්‍රමිතින් සහ මූලධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවටත් චෝදනා එල්ල වී ඇත.
සිද්ධස්ථානවල ඇති මුදල් අයථා ආකාරයෙන් පරිහරණය කිරිම සහ භාරකරුවන්ගෙන් එවැනි අයථා ඉල්ලීම් සිදු කිරීම මඟින් බලපෑම් කිරීම යන වරද මෙන්ම සියලු පහසුකම් දේවාලයෙන් ලබාගෙන, ඊට අදාළව බටා දීමනාව ද ලබාගනිමින් රාජ්‍ය මුදල් වංචා කිරීම යන වරද ද ඔවුන්ට එරෙහිව පවතින බව වාර්තා වේ.
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පවරන ලද වගකීම නිසි පරිදි ඉටු නොකිරීම මගින් දෙපාර්තමේන්තුව ම නොමග යැවීම හේතුවෙන් අණ්ඩුක්රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් විගණකාධිපති වෙත ද වග කියනු ලබන නිලධාරියකු වශයෙන් විගණකාධිපතිවරයාගේ ගෞරවය කෙළෙසීම සහ විගණන පනත උල්ලංඝනය කිරීම ද මෙම නිලධාරීන් සිදුකර ඇති බව පැමිණිලිවල දැක්වේ.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක වශයෙන් කටයුතු කරන ගීගනගේ චන්ද්‍රසේන නමැති අය කිසිදු ස්ථාන මාරුවක් නොලැබ වසර නවයක් පුරා සේවය කරන බව ද වාර්තා වේ.
මෙම නිලධාරියාට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් 2024 වර්ෂය සදහා ස්ථාන මාරු ලබා දී තිබූ නමුත් බුද්ධ ශාසන අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදාන පතිරණ විසින් රාජ්‍ය පරිපාලන ලේකම් මගින් එම ස්ථාන මාරුව අවලංගු කරදී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු කොමසාරිස් ජනරාල්වරුන්ගේත් වර්තමාන කොමසාරිස් ජනරාල්ගේත් බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම්ගේත් පූර්ණ ආශීර්වාදය ලබමින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ විගණන අංශය හොර ගුබ්බෑයමක් බවට පත්ව ඇති බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කරයි.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වාදෙන්නේ මහජන පැමිණිලි මෙන්ම අනෙකුත් මාධ්‍ය වාර්තාවලට එරෙහිව නිසි විමර්ශන නොපැවැත්වීමයි.
සමහර බස්නායක නිලමේවරුන් මෙන්ම සමහර දේවාල මෙන්ම විහාරස්ථාන භාරකරුවන් විසින් මෙම දුෂිත නිලධාරීන්ට මාසිකව ගෙවීමක් කරන බවට ද චෝදනාවක් තිබේ.
මෙම විගණන නිලධාරීන් විසින් 2023 මැයි මාසයේදී සොරගුණේ දේවාලයේ විගණනය සඳහා යැයි කියමින් ගොස් මිත්පැන් සාද පවත්වා කරන ලද විනය විරෝධී කටයුත්ත පිළිබද බුද්ධ ශාසන අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබුණ ද අමාත්‍යංශයේ පරීක්ෂක මණ්ඩලය ඔවුන් නිදොස් කර නිදහස් කරන්නට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart