Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024 T20 ක්‍රිකට් ලෝක කුසලානයට තවත් කාලයක් ඉතිරිව ඇති බැවින් එම තරගාවලියේදී ඉන්දීය නායකයා කවුරුන්ද යන්න පිළිබඳ දැනට පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසයි.
2024 ජුනි මාසයේදී පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේදී රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය බවට වාර්තා පළවී තිබිණි.
සෙනසුරාදා පැවැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල උත්සවයකදී ඉන්දීය කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න පැහැදිලි කිරීම ජේ ෂා ප්‍රතික්ෂේප කළේය.
මුම්බායිහි පැවති කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට සමගාමීව, ෂා පැවසුවේ T20 ලෝක කුසලානය සඳහා යම් කාලයක් ඉතිරිව ඇති බැවින් දැනට පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බවයි.
“දැනට පැහැදිලි වෙන්න ඕන මොකක්ද? එය (T20 ලෝක කුසලානය) ජූනි මාසයේදී ආරම්භ වනවා. අපට ඊට පෙර IPL සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරඟාවලිය තිබෙනවා, ”ෂා පැවසීය.
2022 T20 ලෝක කුසලානයේ එංගලන්තයට එරෙහි අවසන් පූර්ව වටයේ පරාජයෙන් පසු රෝහිත් ඉන්දියාව වෙනුවෙන් T20 අන්තර්ජාතික තරඟවලට ක්‍රීඩාකර නැත.
2023 නොවැම්බරයේ පැවැති එක්දින ලෝක කුසලානයේ වළලුකර ආබාධයකට ලක්වීමට පෙර බොහෝ තරඟවලදී හර්දික් පාණ්ඩ්‍යා ඉන්දියාවට නායකත්වය දුන්නේය.
දැනට, සිය මව්බිමේදී ඕස්ට්‍රේලියාව 4-1 කින් T20 තරගාවලියකදී පරාජය කළ ඉන්දියාවට සූර්යකුමාර් යාදෙව් නායකත්වය ලබාදෙන අතර, දෙසැම්බර් 10 සිට දකුණු අප්‍රිකාවට එරෙහි තරඟ තුනකින් යුත් තරඟාවලියකටද ඔහු සහභාගී වේ.
අන්තර්ජාතිකT20 සංචිතයේ ඔහුගේ ස්ථානය පිළිබඳ විවිධ මතවාද මධ්‍යයේ,ඉන්දීය මාධ්‍ය මෑතකදී වාර්තා කළේ 2024 T20 ලෝක කුසලානයේදී රෝහිත් ඉන්දියාවට නායකත්වය දීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍ය බවයි.
නායකත්වය සඳහා තවත් අපේක්ෂකයකු වන හර්දික්ට ජනවාරි මාසයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන අන්තර්ජාතික T20 තරඟාවලියේදී නැවත ක්‍රියාත්මක විය හැකි බව ජේ ෂා මේ අතර පැවසීය.
“අපි ඔහුව එදිනෙදා නිරීක්ෂණය කරනවා. ඔහු පුහුණු සංචිතයේ සිටින අතර ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඇෆ්ගනිස්තාන තරගාවලියට පෙරත් ඔහු යෝග්‍ය වෙන්න පුළුවන්,” යැයි ෂා පැවසීය.
ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩාර්විඩ්ගේ කොන්ත්‍රාත්තුවේ තත්ත්වය පිළිබඳව ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම්වරයා පැහැදිලි කිරීමක් ලබා දුන්නේය.
ඒ අනුව එක්දින ලෝක කුසලානයෙන් පසුව අවසන් වූ ඩ්‍රාවිඩ්ගේ කොන්ත්‍රාත්තුව ක්‍රිකට් ආයතනය විසින් දීර්ඝ කර ඇති නමුත් නව කොන්ත්‍රාත්තුවේ කාලසීමාව තවමත් තීරණය කර නොමැත.
“අපි දිගුව ලබා දී ඇති නමුත් තවමත් කොන්ත්‍රාත්තුවේ සියලු කටයුතු අවසන් කර නැහැ. අපිට වෙලාවක් ලැබුණේ නැහැ. ලෝක කුසලානයෙන් පසු මම ඔවුන් සමඟ රැස්වීමක් පැවැත්වූවා , කොන්ත්‍රාත්තුව දිගටම පවතින බවට අපි අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වුණා. ඔවුන් දකුණු අප්‍රිකාවෙන් ආපසු පැමිණි පසු අපි වාඩි වී තීරණයක් ගන්නවා, ”ෂා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart