July 22, 2024

රසායනාගාර පරීක්ෂණ, රසායනාගාර රෝග විනිශ්චය සහ උපදේශන සිදු කරන මෙරට ප්‍රමුඛතම ආයතනය වන වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිකරනු ලබන පරීක්ෂණ අතරින් සැළකිව යුතු සංඛ්‍යාවක් නොසළකා හැරීම සම්බන්ධයෙන් විවේචන එල්ල වී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන වෘත්තීය සමිති චෝදනා කරන්නේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පරීක්ෂණවලින් 50%ක් පමණ මේ වන විට සිදු නොවන බවයි.

වෘත්තීය සමිතිවලට අනුව ජලභීතිකා පරීක්ෂණය, HbA1C පරීක්ෂණය, බෘසෙල්ලා පරීක්ෂණය, තයිරොයිඩ් උත්තේජක හෝමෝන පරීක්ෂණය ආදී පරීක්ෂණ ගණනාවක් මේ වනවිට සිදු නොකෙරේ.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල පවසා ඇත්තේ වෘත්තීය සමිති පෙන්වා දෙන සංඛ්‍යා දත්ත යල් පැන ගිය ඒවා බවයි.

මීට පෙර වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණවලින් 50%ක් සිදු නොකළ නමුත් මෙම අගය දැන් 20% දක්වා සැළකිව යුතු ලෙස පහත වැටී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබේ.

වෛද්‍ය විශේෂඥයන් ලෙස, අවශ්‍ය සහ නොකළ යුතු පරීක්ෂණ මොනවාදැයි තම ආයතනය හොඳින් දන්නා බව ද වෛද්‍ය දොලමුල්ල අවධාරණය කර ඇත.

එමගින් ඵලදායී ලෙස රෝග විනිශ්චය සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා අවස්ථාව ලැබී ඇති බව ඔහුගේ අදහස වී තිබේ.

මේ අතර, වෛද්‍ය පර්යේෂණ ආයතනය ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සම්බන්ධයෙන් පොරබදමින් සිටින බවත් එය පරීක්ෂණ සිදුකිරීමට බාධාවක් වී ඇති බවත් තතු දත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවෙතත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ ඔවුන් වඩාත් තීරණාත්මක පරීක්ෂණ සඳහා ප්‍රමුඛත්වය දෙන බවයි.

 

42.31%
17.27%
32.76%