Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්නායු අඩපණ වූ රෝගීන්ට ලබාදෙන මිනිස් රුධිරය භාවිතයෙන් නිෂ්පාදිත ඉමියුනොග්ලොබයුලින් එන්නත සාදන තැන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් අවශ්‍ය බවත්, එසේත් නැතිනම් මෙය සාදන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ සහ ඔහුගේ නිලධාරීන්ගේ නිවෙස්වලද යන්න පරික්ෂා කළ යුතු බවත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කරයි.
ඊයේ ජනමාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කර තිබේ.
”මීට පෙර එම ඖෂධ ලංකාවට ගෙන එන විට දැඩි සුපරික්ෂාවකට ලක්කරනවා. එමෙන්ම එහි සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් විසින් පරික්ෂා කරනවා. එපමණක් නොව විවිධ වෛද්‍ය විශේෂඥයන් විසින් ඒ ඖෂධය පරික්ෂා කරනවා. එසේ පරික්ෂා කරලා තමයි රෝගීන්ට ලබා දෙන්නේ. මොකද මෙම ඖෂධය ගොඩක් වෙලාවට ලබාගන්නේ ස්නායු පද්ධතිය විනාශ වී ඇති දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන්.
ඉතාම නරක සහ ඛේදජනක අත්දැකීමක් අපිට ලැබිලා තියෙනවා. ඒක තමයි 2023 පෙබරවාරි 17 වැනිදා දිනැතව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකරගේ අත්සනින් ලියාපදිංචිය අතහැරීමේ ලිපියක් නිකුත් කරලා තිබුණා මේ ඖෂධය ගෙන්වීම සඳහා. එතකොට මෙවැනි ඖෂධයක් කවදාවත්ම ලෝකයේ කිසිම රටක මෙන්ම ලංකා ඉතිහාසයේම පරීක්ෂා කිරීමකින් තොරව රෝගීන්ට ලබා දීලා නෑ. මේක බරපතල ප්‍රශ්නයක්.
ඒ නිසයි අපි මේ ගැන පසුගිය 29 වැනිදා ඉදිරිපත් කළේ. ඒ වනවිටත් මහනුවර මහරෝහල, මාතලේ දිස්ත්‍රික්කයේ රෝහල් දෙක තුනක සහ කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්ලවේද අංශයේ රෝගීන්ට මේ ඖෂධය ලබාදීලා ඒ වගේම එම ඖෂධ මඟින් විවිධ සංකූළතා රාශියක් උද්ගත වෙලා තිබුණා. ඒ නිසා මේ ඖෂධය හදපු තැන් ගැන පූර්ණ විමර්ශනයක් අවශ්‍යයි. ඉස්සෙල්ලම කෙහෙළිය රඹුක්වැල්ලගෙයි එයාගේ නිලධාරී සෙට් එකගෙයි ගෙවල් පරික්ෂා කරන්න ඕන. ඒ ගෙවල් අස්සෙද මේක හදලා තියෙන්නේ බලන්න. ලංකාවේ ඇතුළට මේවා ගෙනාවෙත් නැත්නම්, ඉන්දියාවෙන් ගෙනාව කියලා ලියලත් තියෙනවා නම්, ඒ කොම්පැනිය කියනවා නම් අපි මේවා හදන්නේ නෑ කියලා කොහෙද මේවා හැදුවේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart