September 13, 2024

මැතිවරණ ප්‍රචාරක රෙගුලාසි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැහැදිලි කිරීමක් සිකර තිබිණි.

මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දේශප්‍රිය කියා සිටියේ මැතිවරණ ප්‍රචාරක තහනම පවතින කාලය තුළ නිවසක ඉවුම් පිහුම් සඳහා ගෑස් අවසන් වුවහොත් නැවත පිරවීම සඳහා ප්‍රසිද්ධියේ ගෑස් සිලින්ඩරයක් ප්‍රවාහනය කිරීමට අවසර ඇති බවයි.

කිසියම් අයකු ගෑස් සිලින්ඩරයක් පාපැදියක ගැටගසා ගෙන යන්නේ නම් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් දැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු නීතිරීති පිළිබඳ පැහැදිලි කළේය.

මැතිවරණ දිනයේදී ඡන්ද සලකුණු ප්‍රදර්ශනය කිරීමට පුද්ගලයන්ට අවසර දී ඇති අතර, කණ්ඩායම්වලට එවැනි සලකුණු ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පොලිසියට බලය ඇති බවද දේශප්‍රිය පැවසීය.