August 19, 2024

හර්ෂිතා සමරවික්‍රම සාර්ථක ඉනිමක් ගොඩනැගුවද සාර්ථක පන්දුකරණයක නිරත වූ අයර්ලන්ත ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

බෙල්ෆාස්හිදී ඊයේ පැවැති දෙවන තරග ලකුණු 15කින් ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් අයර්ලන්තය මෙම ජයග්‍රහණය වාර්තා කරන ලදී.

මෙම තරගයේ අයර්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුව පන්දුවට පහරදී කඩුලු 05ට ලකුණු 255ක් රැස්කළහ.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ක්‍රිඩිකාවන් පන්දුවාර 48ක් තුළ ලකුණු 240ක් ලබාසිටියදී දවාගැනීමට අයර්ලන්ත ක්‍රිඩිකාවෝ සමත්වූහ.

කෙසේවෙතත්, මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින අන්තර්ජාතික තරගයකදී ශතකයක් රැස්කළ තුන්වැනි ක්‍රීඩිකාව බවට පත්වීමට හර්ෂිතා සමරවික්‍රම සමත් විය..

හතරේ පහර 11ක් සමගින් පන්දු 120කදී ලකුණු 105ක් ලබාසිටියදි හර්ෂිතා සමරවික්‍රම පස්වැනි කඩුල්ල ලෙස 41 වැනි ඕවරයේදී දුවද්දී දැවීයෑමකට හසුවන්නේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 210ක්ව තිබියදීය.

ඉන් අනතුරුව තරගයේ වාසිය ලබාගත් අයර්ලන්තය ක්‍රිඩිකාවන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තවත් ලකුණු 30ක් එක්වන විට අවසන් කඩුලු 05 දවාගනිමින් කලකට පසු ඓතිහාසික ජයක් වාර්තා කළේය.

කවීෂා දිල්හාරි ලකුණු 53ක් රැස්කළාය.