Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් ගෙවීම පැහැර හරින ලද සමාගම්වලට ලබන සතිය වන විට ගෙවීම් කරන ලෙසට හෝ ඔවුන්ගේ මෙහෙයුම් සම්බන්ධයෙන් වන කොන්දේසිවලට මුහුණ දෙන ලෙසට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.
වැට් බදු ගෙවීමේ කාලසීමාව නිල වශයෙන් දෙසැම්බර් 27 බ්‍රහස්පතින්දා අවසන් වේ.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර පවසන්නේ වැට් බද්ද ගෙවිය යුතු වන්නේ ඔවුන්ගේම ප්‍රකාශ මත වන අතර සමාගම්වලට තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑමේදී දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව ඔවුන් දන්වා ඇති බවයි.
ව්‍යාපාරික ආයතන වැසීයාමට සහ සේවකයන්ට රැකියා අහිමිවීමට එකඟ නොවුණ ද බදු අයකිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට දෙපාර්තමේන්තුවට සිදුවනු ඇති බව ඇය පවසා තිබේ.
ඔවුන්ට ගෙවිය යුතු මුදල් ගෙවීමට කාලයක් ලබා දීම ගැන සළකා බලන බවත්, මාසයක් හෝ දෙකක් වැනි නිශ්චිත කාලයක් සඳහා ක්‍රියාත්මක වීමට කොන්දේසි සහිත අනුමැතිය ලබා දෙන බවත් කොමසාරිස් ජනරාල්වරුය සඳහන් කරයි.
මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහාද එවැනිම ක්‍රමයක් හඳුන්වා දී මාස දෙකක් ඇතුළත මුදල් ගෙවන ලෙස නියෝග කර බලපත්‍ර තාවකාලිකව දීර්ඝ කර තිබේ.
කෙසේවෙතත් හිඟ බදු නොගෙවන්නේ නම් බලපත්‍ර අත්හිටුවනු ඇත.
ඇය සඳහන් කළේ හිඟ බදු ගෙවීම සඳහා සමාගම්වලට මේ වසරේ මැයි මාසයේ සිට සිහිකැඳවීම් යවා ඇති බවයි.
මෙම පියවර ගෙන ඇත්තේ ලබන වසරේ දේශීය ආදායම් ඉලක්කය මේ වසරේ ඉලක්කය වූ රුපියල් බිලියන 2,225 සිට රුපියල් බිලියන 2,350 දක්වා වැඩි කර ඇති බැවිනි.
මෙම වසරේ මේ දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,845ක බදු ආදායමක් උපයාගෙන ඇත.
සිකුරාදා වන විට ලැබෙන බදු ගෙවීම් සමඟ රුපියල් බිලියන 2000 සීමාව පසු කිරීමට හැකි වනු ඇතැයි කොමසාරිස් ජනරාල්වරිය විශ්වාසය පළකර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart