Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරාක පාර්ලිමේන්තුව ඉකුත් අඟහරුවාදා මතභේදාත්මක නීති තුනක් සම්මත කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එම වාර්තා පෙන්වාදෙන පරිදි රට තුළ ක්‍රියාත්මක පෞද්ගලිකත්ව නීතියට සංශෝධන ද ඇතුළුව නව නීති සම්මත කර තිබේ.
කෙසේවෙතත් ප්‍රතිවිරුද්ධ මතධාරීන් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළකර ඇති අතර ඔවුන් පෙන්වාදෙන්නේ නව නීතිය හරහා ළමා විවාහ නීතිගත කරන බවයි.
සිදුකරන ලද නීති සංශෝධන මගින් විවාහය, දික්කසාදය සහ උරුමය ඇතුළු පවුල් කාරණා සම්බන්ධයෙන් ඉස්ලාමීය උසාවිවලට වැඩි අධිකාරී බලයක් ලබාදීම සිදුවේ.
ඒ අනුව මානව හිමිකම් ක්‍රියාකාරීන් තර්ක කරන්නේ, මෙය පවුල් නීතිය ඒකාබද්ධ කළ සහ කාන්තාවන් සඳහා ආරක්ෂාව ස්ථාපිත කළ ඉරාකයේ 1959 පෞද්ගලිකත්ව නීතියට වළක්වාලන්නක් බවයි.
විදෙස් ජනමාධ්‍ය පවසන පරිදි මෙම සංශෝධන යෝජනා කර ඇත්තේ මූලික වශයෙන් ගතානුගතික ෂියා නීති සම්පාදකයන් විසිනි.
ඔවුන් පවසන්නේ, නව නීතිය ඉස්ලාමීය මූලධර්ම සමඟ පෙළගැස්වීමට සහ ඉරාක සංස්කෘතියට බටහිර බලපෑම අඩු කිරීමට මාධ්‍යයක් ලෙස කටයුතු කරමින් ඒවා ආරක්ෂා කරන බවයි.
ඉරාකයේ ක්‍රියාත්මක වත්මන් නීති මාලාව අනුව ඉරාකය තුළ දැනට බොහෝ අවස්ථාවලදී විවාහ වීමේ අවම වයස ලෙස අවුරුදු 18 දක්වා ඇත.
අඟහරුවාදා සම්මත කරන සංශෝධන මගින් ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුව විවාහ නීතිය පූජකවරුන්ට පාලනය කිරීමට ඉඩ සලසනු ලබයි.
ජාත්‍යන්තර විචාරකයන් විග්රහ කරන පරිදි නව සංශෝධන මගින් ඉරාකයේ බොහෝ ෂියා ආගමික බලධාරීන් විසින් අනුගමනය කරන ඉස්ලාමීය නීතියේ ජෆාරි පාසල යටතේ (Jaafari school of Islamic) නව යොවුන් වියේ හෝ වයස අවුරුදු 9ට අඩු ගැහැණු ළමයින්ට විවාහ වීමට ඉඩ සලසනු ලබයි.
මේ අතර සුන්නි රැඳවියන්ට ප්රතිලාභ සැලසෙන පොදු සමාව පිළිබඳ නීතියක් ද ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇතැයි වාර්තා වේ.
විචාරකයන් පවසන්නේ, එය දූෂණයට සහ මංකොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයන්ට අවසර ලබා දීමක් බවයි.
කුර්දි ජනකොටසේ භෞමික හිමිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගත් ඉඩම් ප්‍රතිස්ථාපන නීතියක් ද ඉරාක පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇතැයි සඳහන් වේ.
මානව හිමිකම් ක්‍රියාකාරිනියක සහ ඉරාක කාන්තා ලීගයේ සාමාජිකාවක් වන ඉන්ටිසාර් අල් මයාලි (Intisar al-Mayali) පවසන්නේ, සිවිල් නීති සංශෝධන සම්මත කිරීම හරහා බාල වියේදීම ගැහැණු ළමයින් විවාහ කර ගැනීමට අවසර හිමිවීම කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම්වලට විනාශකාරී බලපෑම් ඇති කරන බවයි.
එමගින් දරුවන් ලෙස ජීවත්වීමට ඔවුන්ට ඇති අයිතිය උල්ලංඝනය කරන අතර, දික්කසාදය, භාරකාරත්වය සහ කාන්තාවන්ගේ උරුමය සඳහා වන ආරක්ෂණ යාන්ත්‍රණයන් කඩාකප්පල් කරන බව ඇය පෙන්වාදෙයි.
කෙසේවෙතත් මතභේදයට තුඩු දී ඇති නීති සම්මත කර ගැනීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවැති පාර්ලිමේන්තු සැසිවාරය අවසන් වී ඇත්තේ ව්‍යාකූලත්වයන් සහ ක්‍රියාපටිපාටි උල්ලංඝණය කිරීම් පිළිබඳ එල්ල වූ චෝදනා මධ්‍යයේ බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා සඳහන් කරන පරිදි පාර්ලිමේන්තු සැසියට පැමිණ සිටි ඉරාකයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් පමණ ඡන්දය ප්‍රකාශ කර නොමැත.
මතභේදාත්මක නීතිවලට එරෙහිව ඉරාක පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් උස් හඬින් අදහස් දක්වමින් සිය විරෝධය පළකර ඇති අතර, තවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ වේදිකාවට මතට පිවිස විරෝධය පළකළ බව ද වාර්තා වේ.
එමෙන්ම මතභේදාත්මක පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව, නීති සම්පාදකයන් රැසක් ඡන්ද ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
ඉරාක පාර්ලිමේන්තුවේ කථානායක මහමුද් අල්-මෂ්හදානි ප්‍රකාශයක් නිකුත් කරමින් නීති සම්මත කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට සිය ප්‍රශංසාව පළකර ඇති අතර, එය යුක්තිය ඉහළ නැංවීමේ සහ පුරවැසියන්ගේ දෛනික ජීවිතය සංවිධානය කිරීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් බව ද පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart