Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ආයතන මහජනතාවට වගවීම තහවුරු කිරීම පිණිස අමාත්‍යාංශවල විමර්ශන ඒකක පිහිටුවීමට රජය තීරණය කර ඇත.
මේ වනවිට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දෛනිකව විශාල පැමිණිලි සංඛ්‍යාවක් නාමිකව සහ නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට, අග්‍රාමාත්‍ය කාර්යාලයට මෙන්ම, මහජන නියෝජිතයින් වෙත ද ලැබෙමින් පවතින බව රජය ප්‍රකාශ කරයි.
රජය කෙරෙහි පළකළ මහජන විශ්වාසය ආරක්ෂා කර ගැනීමට මෙන්ම, විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ අපේක්ෂිත ධනාත්මක වෙනස්කම් සිදුකිරීම සඳහා එවැනි පැමිණිලි පිළිබඳව අපක්ෂපාතී මෙන්ම විද්‍යාත්මක කරුණු විමර්ශනයක් සිදුකළ යුතුව ඇති බව රජය පවසයි.
ඒ අනුව, පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වී ඇති ආකාරය මෙන්ම, වත්මන් රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වන මහජන පැමිණිලි, කරුණු දැක්වීම් මෙන්ම විවිධ මූලාශ්‍රවලින් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට අමාත්‍යාංශ මට්ටමින් දීප ව්‍යාප්ත සේවාවක පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ හෝ විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවයේ පළමු ශ්‍රේණියේ විධායක නිලධාරියෙකුගේ හෝ ප්‍රධානත්වයෙන් විමර්ශන ඒකක පිහිටුවීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart