December 2, 2023

මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනා මත සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට එරෙහිව තීරණාත්මක පියවරක් ගැනීමට රජය සළකා බලමින් සිටින බව වාර්තා වේ.

මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් මුදල් ලබාගැනීමට පෙළඹවීම් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරියාට චෝදනා එල්ල වී ඇති බව මුදල් අමාත්‍යංශයට සමීප ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව, චූදිත නිලධාරියාගේ ප්‍රශ්නකාරී භාවිතයන් එක් සමාගමක මෙහෙයුම් වසාදැමීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

බලපත්‍ර අත්හිටුවීමේ අවස්ථාවලදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා එම නිලධාරියා අනෙකුත් සැපයුම්කරුවන්ගෙන් ද මුදල් අල්ලස් ඉල්ලා සිටි බව කියනු ලැබේ.

එසේම, බලපත්‍ර අත්හිටුවීමට මුහුණ දී සිටින සමාගමෙන් ඔහු අල්ලස් ඉල්ලා සිට ඇත්තේ අත්හිටුවීම අවලංගු කිරීමට පහසුකම් සපයන බවට පොරොන්දු වෙමිනි.

මෙම බරපතළ චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් රජය එම විෂමාචාරය සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමුකරමින් සිටියි.

එහිදී සළකා බලන එක් වැදගත් පියවරක් වන්නේ, චෝදනා එල්ලවන අල්ලස් ගනිමින් කළ අයථා ඉපැයීම් ඔස්සේ උපයාගත් බව කියන දේපළ පරීක්ෂා කිරීමයි.