Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව අදියරකට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියාසිටියේ පාස්කු ප්‍රහාරය සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ පිළිබඳ බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය නාලිකාවක් වන ‘චැනල් 4’ 2023 වාර්තා චිත්‍රපටයෙන් හෙළි වූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.
මේ වන විට හෙළිදරව් වී ඇති කරුණු මත ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බවද ඔහු පැවසුවේය.
2024 නොවැම්බර් 11 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කළ බවත්, ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවැසීය.
මේ වන විට සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනකු, යුද හමුදා සාමාජිකයින් 7 දෙනකු, පොලිස් නිලධාරීන් 24 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් 03 දෙනකු ඇතුළු පුද්ගලයින් 48 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව ද ඔහු එහිදී අනාවරණ කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව පුද්ගලයන් 747 දෙනකු අත්අඩංගුවට ගත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය.
සැකකරුවන් 100 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 14ක් ගොනුකර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart