September 7, 2024

සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වවුනියාව සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිල්ලක් ලැබී තිබේ.

දිනමිණ පුවත්පත වාර්තා කරන පරිදි EPRLF සන්ධානයේ මධ්‍යම කාරක සභිකයකු වන එම දේශපාලඥයාට වවුනියාවේ රජයේ සේවකයන්ගේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී මෙම ඡායාරූපය ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඡායාරූපයේ දැක්වෙන පරිදි දෙමළ පොදු අපේක්ෂකයාට පක්ෂව ඡන්දය සලකුණු කර ඇත.

මේ සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂකයන්ට දැනුම් දීමත් සමඟ බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ඡායාරූපය ලබා ගෙන ඇති ස්ථානය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.