
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක ILT20 තරඟයකට ක්‍රීඩා කිරීම සඳහා පාලක මණ්ඩලයට හෝ ඔහුගේ ක්‍රීඩා සමාජයට නොදන්වා තීරණාත්මක දේශීය තරඟයක් අත්හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පරීක්ෂණයකට මුහුණ දී සිටියි.
දසුන් ශානක ඩුබායි කැපිටල්ස් වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි ILT20 තරගාවලියෙන්, ඔහුගේ දේශීය කණ්ඩායම වන සිංහල ක්‍රීඩා සමාජය (SSC) විසින් දසුන්ව නැවත කැඳවනු ලැබ ඇතයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තුන්දින තරඟාවලියේදී ඔහුගේ කණ්ඩායම අසීරුතාවකට මුහුණ දී සිටි අතර, දසුන් ශානක මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව තරඟයකට ක්‍රීඩා කිරීම එම අවස්ථාවේදී ඔහුගේ කණ්ඩායමට අවශ්‍ය වී තිබේ.
ඒ අනුව, ජනවාරි 28 වැනිදා ඩුබායි කැපිටල්ස් පිලට ක්‍රීඩා කළ දසුන් ශානක, කොළඹ SSC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නැවත දිවයිනට පැමිණ තිබේ.
ඔහු තරගයේ දෙවැනි දිනයේ (පෙබරවාරි 1) අංක 7 ස්ථානයේ පිතිකරණයට පැමිණියේ ඔහුගේ කණ්ඩායම ලකුණු 77-5ක් ලෙස අසීරු තත්ත්වයකට මුහුණ දී සිටියදීය.
එතැන් සිට ඔහු පන්දු 87කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් ඇතුළුව ලකුණු 123ක් රැස් කළ කිරීමට සමත්ව තිබේ.
තරගයේ තුන්වැනි දිනයේ, පන්දුවට පහරදෙමින් සිටියදී පන්දුවක් වැදීමෙන් පසු වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් දසුන් ශානකට විවේක ගන්නා ලෙස උපදෙස් දී ඇත.
කෙසේවෙතත්, SSC කණ්ඩායම කොළඹදී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර පැය හතරකට පසුව, දසුන් ශානක ඩුබායි හි ඩුබායි කැපිටල්ස් වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටත්ව ගොස් ඇතැයි සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් දසුන් ශානක SSC වෙත දැනුම්නොදුන් නිසා ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මතභේදයක් උද්ගත වී තිබේ.
“ඔහුට දිවා ආහාරයෙන් පසු විවේක ගන්නා ලෙස ඉල්ලා සිටි අතර, ඔහු කණ්ඩායමෙන් ඉවත් වී ඩුබායි වෙත ගිය බවක් අප දන්නේ නැහැ” SSC ක්‍රිකට් කමිටුවේ සහ SLC තරඟාවලි කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල ජනමාධ්‍ය වෙත පවසා ඇත.
”එබැවින් ඔහු සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබෙනවා.” සමන්ත දොඩන්වෙල සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, දසුන් ශානකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව තහවුරු කරමින් පවසා ඇත්තේ, මෙම සිද්ධිය “පිළිගත නොහැකි” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart