42.31%
17.27%
32.76%
October 6, 2024

සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේදී 24 හැවිරිදි කාන්තාවකගේ ඛේදජනක මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.

එන්නතක් හේතුවෙන් ඇතිවූ අහිතකර ප්‍රතික්‍රියාවකින් තරුණිය මියගිය බව ඇගේ පවුලේ අය පවසා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් අදාළ කමිටුව කටයුතු කරන බවයි.

අභ්‍යන්තර පරීක්ෂණයට අමතරව තරුණියට ලබා දුන් එන්නත සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් වාර්තාවක් ඉල්ලා තිබේ.

වෛද්‍ය මහීපාල පවසන්නේ විමර්ශනයේ ප්‍රතිඵල කඩිනම් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බවයි.

දින දෙකක සිට උදරයේ ඇති වූ දැඩි ආම්ලිකතාව හේතුවෙන් මෙම තරුණිය ඔක්තෝබර් 2 වැනි දින අලුයම රෝහලට ඇතුළත් කර තිබිණි.

මව්පියන් ප්‍රකාශ කරන්නේ ඇයගේ තත්ත්වය උත්සන්න වූ නිසා ඇය රෝහලට රැගෙන් ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ බවයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ හසලක ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

 

 

42.31%
17.27%
32.76%