
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 අන්තර්ජාතික මාස්ටර්ස් ලීගය පෙබරවාරි 22 වැනි දින(අද) නවී මුම්බායි හි DY පටිල් ක්‍රීඩා ඇකඩමි ක්‍රීඩාංගණයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන් ආරම්භ වේ.
සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, කුමාර් සංගක්කාර, යුවරාජ් සිං, ක්‍රිස් ගේල්, කෙවින් පීටර්සන්, ෂේන් වොට්සන්, ජැක් කලිස්, ජොන්ටි රෝඩ්ස් සහ ඉයන් මෝගන් ක්‍රිකට් පුරාවෘත්තයන් බඳු ප්‍රවීණ ක්‍රීඩකයෝ රැසක් මෙම තරගාවලියට එක්වෙති.
මෙම තරඟාවලිය නවී මුම්බායි, වඩෝදර සහ රායිපූර් යන ඉන්දියාවේ ස්ථාන තුනකදී පැවැත්වේ.
ලීග් අදියරේදී මුළු තරඟ 15 ක් පැවැත්වෙන අතර, ඉන්පසු අවසන් පූර්ව තරඟ දෙක පිළිවෙලින් මාර්තු 13 සහ 14 යන දිනවල පැවැත්වේ.
අවසන් තරඟය මාර්තු 16 වැනි දින රායිපූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2025 මාස්ටර්ස් ලීගය: සම්පූර්ණ සංචිත
ශ්‍රී ලංකා මාස්ටර්ස්
අසේල ගුණරත්න, ලහිරු තිරිමාන්න, උපුල් තරංග, අශාන් ප්‍රියන්ජන්, චතුරංග ද සිල්වා, චින්තක ජයසිංහ, දිල්රුවන් පෙරේරා, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, කුමාර් සංගක්කාර (නායක), රොමේෂ් කළුවිතාරණ, ප්‍රදීප් කලුවිතාරණ, නුවන් ප්‍රසාද්
ඕස්ට්‍රේලියා මාස්ටර්ස්
කැලම් ෆර්ගියුසන්, නේතන් රියර්ඩන්, ෂෝන් මාෂ්, බෙන් කැපින්, ඩෑන් ක්‍රිස්ටියන්, ෂේන් වොට්සන් (නායක), බෙන් ඩන්ක්, පීටර් නෙවිල්, බෙන් හිල්ෆෙන්හවුස්, බෙන් ලාෆ්ලින්, බ්‍රයිස් මැක්ගයින්, ජේම්ස් පැටින්සන්, ජේසන් ක්‍රෙජ්සා, නේතන් කෝල්ටර්-නයිල්, සේවියර් ඩොහර්ටි
ඉන්දියා මාස්ටර්ස්
අම්බටි රායුදු, ගුර්කීරත් සිං මාන්, සචින් තෙන්ඩුල්කාර් (නායක), සුරේෂ් රයිනා, යුවරාජ් සිං, ඉර්ෆාන් පතාන්, ස්ටුවර්ට් බිනී, යූසුෆ් පතාන්, නාමන් ඕජා, අභිමන්යු මිතුන්, ධවාල් කුල්කර්නි, පවන් නෙගි, රාහුල් ෂර්මා, ෂාබාස් නදීම්, විනයි කුමාර්
බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස්
බ්‍රයන් ලාරා (නායක), ක්‍රිස් ගේල්, කර්ක් එඩ්වර්ඩ්ස්, ලෙන්ඩ්ල් සිමන්ස්, නර්සිංහ ඩියොනරීන්, ඈෂ්ලි නර්ස්, ඩ්වේන් ස්මිත්, චැඩ්වික් වෝල්ටන්, දිනේෂ් රාම්ඩින්, විලියම් පර්කින්ස්, ෆිදෙල් එඩ්වර්ඩ්ස්, ජෙරොම් ටේලර්, රවි රාම්පෝල්, සුලෙයිමන් බෙන්, ටිනෝ බෙස්ට්
එංගලන්ත මාස්ටර්ස්
ඉයන් මෝගන් (නායක), ඉයන් බෙල්, කෙවින් පීටර්සන්, ඩැරන් මැඩි, ඩිමිත්‍රි මස්කරෙන්හාස්, ටිම් බ්‍රෙස්නන්, ෆිල් මස්ටඩ්, ටිම් ඇම්බ්‍රෝස්, බොයිඩ් රැන්කින්, ක්‍රිස් ස්කොෆීල්ඩ්, ක්‍රිස් ට්‍රෙම්ලට්, මොන්ටි පැනේසර්, රයන් සයිඩ්බොටම්, ස්ටීවන් ෆින්, ස්ටුවර්ට් මීකර්
දකුණු අප්‍රිකානු මාස්ටර්ස්
Alviro Petersen, Farhaan Behardien, Hashim Amla, Henry Davids, Jacques Rudolph, Jonty Rhodes, Jacques Kallis, JP Duminy, Vernon Philander, Dane Vilas, Morne van Wyk, Eddie Leie, Tkhala Tbaledi, Manadie, Tkhala Krutgeri
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart