December 31, 2024

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව සහ නව වර්ෂය වැනි විශේෂ අවස්ථා වලදී සැමරුම්වල කොටසක් ලෙස ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ‘හැම්පර්’ ප්‍රදානය කිරීමේ සම්ප්‍රදාය පිළිබඳව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයෙන් සඳහන් කර ඇත්තේ සමහර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පුරුද්දක් ලෙස, ඇතැම් පොලිස් නිලධාරීන් ලබාදෙන මෙවැනි ලබාගන්නා බවයි.

කෙසේවෙතත්, කිසිදු නිලධාරියෙකු පොලිස්පතිවරයාට හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට හැම්පර්ස් ලබාදීම සිදුනොකළ යුතු බවට වැඩබලන පොලිස්පතිවරයා ස්ථාන භාර නිලධාරි (OIC) සහ සිවිල් පරිපාලන නිලධාරීන්ගේ නිලයට ඉහළින් සිටින සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

උසස් නිලධාරීන් ඒවා පිළිගත යුතු නොමැති බව ද එහි සඳහන් කර ඇත.

නිලධාරියකු පොලිස්පතිවරයාගෙන් හෝ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් ආශිර්වාදයක් හෝ ප්‍රශංසාවක් අපේක්ෂා කරන අවස්ථාවකදී, වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කරන්නේ ඒ වෙනුවෙන් පුද්ගල රැස්වීම් අවශ්‍ය නොවන බවයි.

එවැනි සුහද අභිනයන් දුරකථන ඇමතුම් හෝ WhatsApp පණිවිඩ මගින් ප්‍රකාශ කළ හැකි බව ද එහි දැක්වේ.

මෙම උපදෙස් ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩල නිලධාරීන්ට ද අදාළ වන බව වැඩබලන පොලිස්පතිවරයා පැහැදිලි කර ඇත.

තවද, මෙම උපදෙස් පිළිබඳව තම අධීක්ෂණය යටතේ සිටින අදාළ සියලුම නිලධාරීන්ට දැනුම් දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇත.

නියෝග කඩකරන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මෙම නියෝගයට අනුව කටයුතු කරන බව සහතික කිරීම සඳහා අධීක්ෂණ නිලධාරීන් වගකිව යුතු බවටත් ඔහු සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%