Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර තිබේ.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවත්, එම තොරතුරු අධිකරණයට හෙළිකිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ප්‍රකාශ කළේය.
මහනුවරදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කළහොත් හෝ නියෝගයක් නිකුත් කළහොත් තොරතුරු හෙළිකරන බවයි.
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කවුරුන්ද යන්න මෙතෙක් කිසිවකු හෙළිකර නොමැති බව සඳහන් කළ හෙතෙම, ඒ පිළිබඳ තොරතුරු හෙළිකිරීමට තමන් සූදානම් නමුත් එම තොරතුරු දැඩි ලෙස රහසිගතව තබා ගැනීම විනිසුරුවරුන්ගේ වගකීම බව ද ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart