Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ක්‍රියාත්මක බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුළ ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත් මුදලින් අදාළ මුදල අඩු කරගන්නා බව දන්වා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නිකුත්කර ඇති ලිපියක් ක්‍රියාත්මකවීම වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ (09) අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
ඛනිජ තෙල් බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් විසින් මෙම අතුරු නියෝග නිකුත් කෙරිණි.
මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන්වන තෙක් බලපැවැත්වෙන බව අධිකරණ නියෝගයේ සඳහන් වේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ලිපියක් නිකුත් කරමින් මාර්තු මාසය තුළ බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු ගෙවිය යුතු බවත්, එසේ නොගෙවන්නේ නම් ඔවුන්ගේ තැන්පතුවලින් එය අය කරන්නා බව එහි සඳහන් කර ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වාදී තිබිණි.
අදාළ ලිපිය නිකුත්කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, එවැනි ලිපියක් නිකුත් කිරීමට වගඋත්තරකාර ඛනිජ තෙල් සංස්ථාවට බලයක් නොමැති බවත් නීතිඥ සනත් විජයවර්ධන මාර්ගයෙන් ගොනුකර තිබූ අදාළ පෙත්සමේ සඳහන් කර ඇත.
ඒ අනුව, අදාළ තීරණ බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු අදාළ ලිපිය ක්‍රියාත්මකවීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාල පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බෙදුම්කරුවන් වෙත නිකුත් කර තිබූ අදාළ නියෝගය සටහන් ලිපිය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart