July 18, 2023

දේවාලයක් පවත්වාගෙන ගිය මෑණිවරියකගේ රන් ආභරණ කොල්ල කෑ යුවළක් ඉංගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේව වරමින් ශාස්ත්‍ර කියමින් අඳුන් බැලීම සිදු කරන මෑණියන් ලෙස හඳුන්වන කාන්තාව සමග අත්අඩංගුවට ගත් මෙම සැකකරු ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගොස් ඇති බව පැවසේ.

වසර දෙකක කාලයක් ඔහු දේවාලයේ මෑණියන්ගේ ආවතේව කටයුතු කරමින් සිටින විට මෑණියන් සතුව තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරා ගෙන ඇති බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව විමර්ශනය කළ ඉංගිරිය පොලිසිය සැකකරු සහ ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.