42.31%
17.27%
32.76%
June 23, 2024

ඉන්දු-ලංකා විදුලි ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සුලක්ෂණ ජයවර්ධන ‘Sunday Morning’ වෙත පවසා ඇත්තේ, අවබෝධතා ගිවිසුම කෙටුම්පත සඳහා අමාත්‍යාංශය සිය අදහස් ලබා දී ඇති අතර එහි ඉන්දියාවෙන් අදහස් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

“ඔවුන් අදහස් ලබාදී එකඟතාවකට පැමිණි පසු කැබිනට් අනුමැතිය සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිය යුතුයි. මෙම අනුමැතිය ජූලි මාසය තුළ ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු, ”ඔහු පැවසීය.

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධනට අනුව, මෙම ව්‍යාපෘතිය මගින් මන්නාරම තිරුකේතීස්වරම් හි කිලෝමීටර් 120ක් දිග මුහුද යට සබ්මැරීන් කේබල් එකක් එළීමට අපේක්ෂා කරන අතර, එය ශ්‍රී ලංකා භුමියේ තවත් කිලෝමීටර් 25ක් ඉහළින් ගමන් කරන අතර, ඉන්දියාවේ කිලෝමීටර් 130ක් උඩින් දිවෙයි. එය ශ්‍රී ලංකාවේ උතුරේ මන්නාරම සහ ඉන්දියාවේ දකුණේ මදුරෙයි සම්බන්ධ කරයි.

“මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමත්, කලාපීය පුනර්ජනනීය බලශක්තිය වෙළඳපොළට ඇතුළු වීමට අපට අවස්ථාවක් ලබා දීමත් අරමුණු කරයි” යනුවෙන් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන සඳහන් කර ඇත.

ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් පසුගිය සතියේ මෙරටට පැමිණි අවස්ථාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වැදගත් ව්‍යාපෘති කිහිපයක් සාකච්ඡා කළ බව වාර්තා වේ.

විදේශ කටයුතු ඇමැති තනතුරට නැවත පත්වීමෙන් පසු එය ඔහුගේ පළමු ද්විපාර්ශ්වික සංචාරය විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආචාර්ය ජයිශංකර් අතර පැවති හමුවේදී බලශක්ති සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්ති අංශය සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් මුලපිරීම් පිළිබඳව සොයාබලා ඇති බව වාර්තා පෙන්වා දෙයි.

දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීමේ මූලික යෝජනාව මීට දශකයකට පමණ පෙර ඉදිරිපත් වුවද, පසුගිය වසර දෙකක කාලය තුළ මෙම කාරණය ප්‍රමුඛත්වයට පත්විය.

2023 ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපති වික්‍රමසිංහ, මෙම ජාල දෙක මන්නාරම හරහා සම්බන්ධ කරන බව පැවසූ අතර, 2023 ජුනි මාසයේදී විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ 2030 වන විට ඉන්දු-ශ්‍රී ලංකා ජාල සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාවයක් ලබා දී ඇති බවයි.

42.31%
17.27%
32.76%