February 18, 2025

හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී තිබේ.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ හලාවත බැංකුවක ගිණුමකට රුපියල් 494,000 ක මුදලක් තැන්පත් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට බලපෑම් කිරීමෙන් ‘දූෂණය’ නමැති වරදක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අධිචෝදනා භාර දී ඇත.

අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද අධිචෝදනා පත්‍ර අද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ අධිකරණයට භාරදෙන ලදී.

පසුව, විනිසුරුවරයා හිටපු අමාත්‍යවරයා රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට නියෝග කළේය.