November 9, 2023

ගෝලීය උසස් අධ්‍යාපන විශ්ලේෂණ ආයතනය (QS Quacquarelli Symonds) අද සිය ‘2024 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකිරීම්’ (2024 QS World University Rankings: Asia) නිකුත් කර ඇත.

එය රටවල් 25 කින් ආයතන 856 කින් සමන්විත, මේ දක්වා ආසියාවේ විශාලතම සිදුකරන ලද විශාලතම ශ්‍රේණිගතකිරීම ලෙස සැලකේ.

ගෝලීය පිළිගැනීම, පර්යේෂණ කුසලතා, ඉගැන්වීමේ සම්පත් සහ අන්තර්ජාතිකකරණය මත පදනම් වූ ආයතන ඇගයීම, මෙවර ශ්‍රේණිගත කිරීම සමබන්ධයෙන් වූ සැලකිල්ලට ගත් නිර්නායකයන් වේ.

මෙහිදී බොම්බායේ ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT), මෙම ශ්‍රේණිගත කිරීම්වලදී ආසියාවේ ඉහළම ස්ථානය රඳවා ගෙන ඇති අතර, ශ්‍රේණිගත කළ විශ්ව විද්‍යාල සංඛ්‍යාවෙන් ඉන්දියාව චීනය අභිබවා ගොස් ඇත.

බදාදා ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රේණිගත කිරීම්වලට අනුව, ඉන්දියාව දැන් ”වඩාත්ම නියෝජනයක් සහිත උසස් අධ්‍යාපන පද්ධතිය” ලෙස හඳුන්වාදී තිබේ.

එහිදී විශේෂාංග සහිත විශ්ව විද්‍යාල 148ක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති අතර, එය පසුගිය වසරට වඩා ආයතන 37ක් ඉදිරියට යෑමකි.

ඉන් පසුව චීනය 133ක්, ජපානය 96ක් වශයෙන් ස්ථානගතවී ඇති අතර, මියන්මාරය, කාම්බෝජය සහ නේපාලය පළමු වරට ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්වී තිබේ.

පසුගිය වසරේ මෙන්ම, IISc Bengaluru, Delhi University සහ Indian Institute of Technology — Bombay, Delhi, Madras, Kharagpur, Kanpur යන අධ්‍යාපන ආයතන ආසියාවේ ඉහළම ආයතන 100 තුළ ස්ථාන ලබාගෙන ඇත.