March 15, 2025

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ වසරේ අප්‍රේල් මස මුලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද නිවේදනය කළේය.

මෙම සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමඟ නව ගිවිසුම් කිහිපයකට අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය හේරත් පැවැසීය.

සාම්පූර් බලාගාරය ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් විවෘත කරන බව විදේශ අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

අමාත්‍ය විජිත හේරත් අද පාර්ලිමේන්තුව අමතමින් මේ බව නිවේදනය කළේය.